මෛත්‍රීලාගේ බණ්ඩක්කා න්‍යායට මම එකඟ නෑ. මම ඡන්දය දෙනවා – චාමර සම්පත් (VIDEO)

Date:

ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ලබා නොදෙන්නට පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවත් තමන් එම තීරණයට එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

“මේක ප්‍රජාතන්ත්‍රවාදී නෑ කාටවත් ඡන්දය දෙන්න එපා, ඡන්දෙන් වැළකිලා ඉන්න කියනවා නම්. එහෙම නම් අන්තිමේ කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩක්කා න්‍යාය කියලා. මොකද, ලිස්සලා යනවා කියයි රටේ ජනතාව. සමහර බණ්ඩක්කා න්‍යාය තියෙන අය ඇති, අපට බණ්ඩක්කා න්‍යාය නෑ. මම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයෙක් තෝරාගන්න ඡන්දය දෙනවා”

චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...