මෛත්‍රීලාගේ බණ්ඩක්කා න්‍යායට මම එකඟ නෑ. මම ඡන්දය දෙනවා – චාමර සම්පත් (VIDEO)

ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ලබා නොදෙන්නට පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවත් තමන් එම තීරණයට එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

“මේක ප්‍රජාතන්ත්‍රවාදී නෑ කාටවත් ඡන්දය දෙන්න එපා, ඡන්දෙන් වැළකිලා ඉන්න කියනවා නම්. එහෙම නම් අන්තිමේ කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩක්කා න්‍යාය කියලා. මොකද, ලිස්සලා යනවා කියයි රටේ ජනතාව. සමහර බණ්ඩක්කා න්‍යාය තියෙන අය ඇති, අපට බණ්ඩක්කා න්‍යාය නෑ. මම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයෙක් තෝරාගන්න ඡන්දය දෙනවා”

චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...