මම කියපු කිසිම අනාවැකියක් වැරදිලා නෑ, රනිල්ගෙ ජයග්‍රහණය සීයට දාහක් ෂුවර් – වජිර

Date:

ලබන 20 වැනිදා පැවැත්වෙන ඡන්දයේදී ජයග්‍රහණය කරන රනිල් වික්‍රමසිංහ මහතා මීලඟ ජනාධිපතිවරයා වීම පිළිබඳ කිසිදු අවිස්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ පිළිබඳව සියයට දාහකට වඩා විස්වාස බවයි ඔහු සඳහන් කරන්නේ.

තමන් මීට පෙර දේශපාලනය සම්බන්ධයෙන් පළකළ අනාවැකි සියල්ල නිවැරදි වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් 140 කට වැඩි ප්‍රමාණයකගේ කැමැත්තෙන් ජනාධිපති තනතුරට පත්වන බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදීව ආරම්භ කළ අරගලය අවසානයේදී රටම ගිනි තබන තත්වයට පත් වූ බව පෙන්වා දෙන එජාප සභාපතිවරයා පවසන්නේ රට අරාජිකත්වයෙන් මුදා ගැනීම අත්‍යවශ්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක එම අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද එජාප සභාපතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...