රනිල් ගෙදර යවන්න සජිත්-ඩලස් පාර්ශ්ව එකතුවෙයිද ?

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා අතර සාකච්ඡාවක් අද රාත්‍රී පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව අතිශය තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

දෙපාර්ශ්වය අතර සම්මුතියක් ඇති වුවහොත් සජිත්-ඩලස් දෙදෙනාගෙන් එක් අයෙකු ජනාධිපති ධුරයට තරග කරනු ඇති අතර අනෙක් අපේක්ෂකයාගේ නායකත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගෙනු ඇත.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය දක්වන අතර මීට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සහයෝගයද ඩලස් අලහප්පරෙුම මහතා වෙත ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වන්නේ සම්මුතියක් හරහා ජනාධිපතිවරයා තෝරා ගත යුතු බවයි. ඒ අනුව සජිත්-ඩලස් පාර්ශ්ව අතර සම්මුතියක් ඇති වුවහොත් ශ්‍රීලනිපයේ සහයෝගයද ඒ සඳහා හිමිවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...