IMF ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ හදිසි මූල්‍ය ඉල්ලීම සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ අනුව, මෙරට බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති හදිසි මූල්‍ය පහසුකම් ඉල්ලීමට වත්මන් තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ප්‍රමුඛතාව හිමිව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටී.

දීර්ඝ කළ අරමුදල් පහසුකමේ පස්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කිරීම වෙනුවෙන් ලබන වසරේ මුල් භාගයේදී මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එහි අනුමැතිය ලැබුණු පසු දැනට ක්‍රියාත්මක ණය වැඩසටහනේ මුදලට අමතරව තවත් ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය සහනයක් හිමිවනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...