රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :
ආපදාවෙන් හානි වූ කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩා ඔය සහ නාත්තන්ඩිය අතර දුම්රිය මග කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව වාර්තා වේ.
තවද, වලහපිටිය උප දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්න ඉපැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි පෙදෙස ජල පහර හේතුවෙන් විනාශ විය. එය ද පිළිසකර කරමින් පවතින බව සඳහන් වේ.

එම කාර්‍ය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ හලාවත බෝලවත්ත දුම්රිය නඩත්තු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ ව සිදුකරනු ඇත.




