විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කිසිදු ලෙසකින් අනතුරු හැඟවීමක් නිකුත් කර නොතිබුණු බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“සුළි කුණාටුවක් පිළිබඳව කිසිදු ලෙසක අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහෙම අනතුරු හඟවලා නෑ. ඒක තමයි ඇත්ත තත්වය. ඉතින් අපි කියන්නෙ නඩු දාන්න. අපි බලමු නඩුවෙදී එතකොට කොහොමද වෙන්නෙ කියලා.

ඔය විපක්ෂයේ මහත්තුරු කියනවානෙ 12 වෙනිදා අනතුරු හැඟෙව්වා කියලා. දැන් 12 ඉඳලා 26 වෙනකල් කිසි කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළෙ එක වචනයක් කතා කළේ නෑ. එහෙම අනතුරක් වෙනවා කියලා දැන දැන ඇයි සද්ද නැතිව හිටියෙ ? නඩු දාන්න ඕනෙ ආණ්ඩුවට නෙවෙයි විපක්ෂයට. ඇයි විපක්ෂය තමයි මේක දැනගෙන 12 වෙනිදා ඉඳලා 26 වෙනකල් මේක සඟවාගෙන හිටියෙ”

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (07) ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...