රනිල් දිනුවොත් අගමැති බැසිල් ??

Date:

අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පැමිණෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙය එක්වරම සිදු නොවුණත් ක්‍රමිකව සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සතුව පාර්ලිමේන්තුවෙහි ඇත්තේ එක් ඡන්දයක් පමණක් වන අතර දැනටත් සමස්ත ආණ්ඩු පක්ෂ යාන්ත්‍රණයම මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසිනි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමේ ඡන්ද ව්‍යාපාරය මෙහයවනු ලබන්නේ ද බැසිල් රාජපක්ෂ මහතා විසින් වන අතර ඩලස් – සජිත් එක්ව තරගවදින බව ප්‍රකාශයට පත්කිරීමත් සමග බොහෝ අය තුළ පසුබෑමක් දක්නට ලැබුණු නමුත් බැසිල් පසුබැස්සේ නැත.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරයෙහි බලතල යම් ප්‍රමාණයක් අඩුකිරීමට ද නියමිතව ඇති අතර එයින් බලවත් වන අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා නිසි මොහොතේදී ඉදිරිපත් වනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...