ෆොටෝ ගැහුවොත් වසර 07 කට පාර්ලිමේන්තුව තහනම්

Date:

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා භාවිතා කරන ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කළහොත් වසර 07 කට පාර්ලිමේන්තුව තහනම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින්, ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඡන්දය සළකුණු කරන ස්ථානයට කිසිදු මන්ත්‍රීවරයෙකුට සිය ජංගම දුරකතනය රැගෙන යා නොහැකි බවත්, ජංගම දුරකතනය තමා සතුව තිබේ නම් එය බාරදීම සඳහා විශේෂ නිළධාරීන් දෙදෙනෙකු රඳවා සිටින බැවින් ඡන්දය සළකුණු කරන අවස්ථාවේදී අතැති ජංගම දුරකතනය අදාල නිළධාරීන් බාරයට පත් කරන ලෙසද කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම ඡන්ද විමසීමේ තේරීම් බාර නිළධාරියා ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කටයුතු කරන අතර මේ වනවිට ඔහු ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...