ෆොටෝ ගැහුවොත් වසර 07 කට පාර්ලිමේන්තුව තහනම්

Date:

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා භාවිතා කරන ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කළහොත් වසර 07 කට පාර්ලිමේන්තුව තහනම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින්, ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඡන්දය සළකුණු කරන ස්ථානයට කිසිදු මන්ත්‍රීවරයෙකුට සිය ජංගම දුරකතනය රැගෙන යා නොහැකි බවත්, ජංගම දුරකතනය තමා සතුව තිබේ නම් එය බාරදීම සඳහා විශේෂ නිළධාරීන් දෙදෙනෙකු රඳවා සිටින බැවින් ඡන්දය සළකුණු කරන අවස්ථාවේදී අතැති ජංගම දුරකතනය අදාල නිළධාරීන් බාරයට පත් කරන ලෙසද කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම ඡන්ද විමසීමේ තේරීම් බාර නිළධාරියා ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කටයුතු කරන අතර මේ වනවිට ඔහු ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...

කාශ්මීරයේ පොලිස් ස්ථානයක පිපිරීමක් හේතුවෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය පරිපාලනය...

කුසට සාගිනි හදට සෝගිනි ඉවරයි – ටිල්වින්ගෙන් අලුත් කවියක්

ජනතා විමුක්ති පෙරමුණේ 36 වැනි ඉල් මහ විරු සමරුව...