විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීමට අදාල චක්‍රලේඛය නිකුත් කරයි

Date:

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමේ තීරණයට අදාල චක්‍රලේඛය අද නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීම 2022 අයවැය ලේඛනයෙන් යෝජනා කර තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධරයින් හැර අනෙකුත් සියලුම සිවිල් නිලධරයින් සඳහා මෙම චක්‍රලේඛය අදාල වේ.

මේ වනවිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඇති සහ විශ්‍රාම යාම සඳහා අනුමැතිය ලබාගෙන ඇති රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරයද චක්‍රලේඛයේ පැහැදිලි කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...