ජනතා මතයට කන් දීම අපි හැමෝගේම යුතුකමක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

69 ලක්ෂයකට අධික මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් බලයට පත් වූ හිටපු ජනාධිපතිවරයාට ධුරය හැර යාමට සිදු වූයේ ජනතා මතයට කන් නොදුන් නිසා බවත් මේ බව පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා හොදින් අවබෝධ කර ගත යුතු බවත් එසේ නොවුනහොත් සිදු වන්නේ හිටපු ජනාධිපතිවරයට වුන දේ බවත් අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ය.

පාර්ලිම්න්තුව තුළ තිබිය යුතුතේ ව්‍යවස්ථානුකූලතවය බවත් එසේ නොමැතිව කැලෑ නීතිය රජ කිරීම නොවන බවත් පැවසූ විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේ තමා ජනාධිපතිවරණ අපේක්ෂයකු ලෙස ඉදිරිපත් නොවුනේ 2019 මහමැතිවරණයේ ජනවරමට ගරු කරමින් බවද පැවසීය. එසේම විපක්ෂයක් ලෙස පසුගිය කාලයේ හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කරමින් ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බව පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ බලය තිබුනා හෝ නැතා ජනතාව වෙනුවෙන් නිරන්තරෙයන් කැපවන බවයි.

ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අභිනව ජනාධිපති වරයාට සුභ පතන බව පැවසූ විපක්ෂ නායකතුමා, රට ගොඩනැගීම සියලු දෙනාගේ අපේක්ෂාව විය යුතු බවද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...