“ගියොත් පැත්තක් පරාදයි” කතාවට තිස්ස අත්තනායකගෙන් පිළිතුරු …

Date:

තමන් සහාය පළ කරන ඕනෑම පාර්ශ්වයක් පරාජය වන්නේ යැයි සමාජය පැතිර ඇති මතය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (20) පිළිතුරක් ලබාදුන්නේය.

ප්‍රශ්නය – තිස්ස අත්තනායක මැතිතුමා, ඔබතුමා සහාය දෙන ඕනෙම නායකයෙක් පරදිනවා කියලා සමාජයේ මතයක් තියෙනවා. ඒ ගැන මොකක්ද කියන්නෙ ?

“ඇත්තෙන්ම මම සහයෝගය දුන්න නායකයො ඕනෙ තරම් දිනලා තියෙනවා. මේ රටේ දේශපාලනය ගැන නොදැනුවත්ව කතා කරන අය නොයෙක් දේවල් කියනවා ඇති. මම දේශපාලනය මුලින්ම ආරම්භ කළේ 1977දී. එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්, ඒත් එක්කම ජනමත විචාරණය මම සහයෝගය දුන්න එකක්. ඊට පස්සෙ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය 1989, ඊට පස්සෙ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව 2001, මේ වගේ හැම එකක්ම අපි දිනලා තියෙනවා. දේශපාලනය කියන්නෙ හැමදාම දිනන එකක් නෙවෙයි, දිනනවා පරදිනවා දෙකම තියෙනවා. අපි බලමු උදාහරණයක් හැටියට දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාවම. දැන් මීට අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඒ මහතාව පාර්ලිමේන්තුවටවත් පත් කරන්නේ නැතුව ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒ ප්‍රතික්ෂේප වුණු රනිල් වික්‍රමසිංහ නැවත නැගිටලා ඇවිල්ලා ජනාධිපතිත් වුණා. ඒක වෙනම කාරණයක්. ඒක නිසා දේශපාලනයේ බොහෝවිට ඇදවැටීම්, නැගිටීම් දෙකම තියෙනවා. ඉතින් ඒක තේරුම් ගත්තෙ නැති, විවේචනය කරන අය නොයෙක් දේවල් කියනවා. ඒක අපට ප්‍රශ්නයක් නෙවෙයි”

තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඊයේ දිනයේත් තිස්ස අත්තනායක මහතා සහාය පළ කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුර ඡන්ද විමසීමේදී විශාල ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...