අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :

ඉකුත් දා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ගල්ඔය හරහා ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් අවසන් වීමෙන් දින 18 කට පසුව පළමු දුම්රිය අද (16) උදෑසන ධාවනයට එක් කර ඇත.

ඒ අනුව, ප්‍රීමා පිටි පටවා ගත් මෙම දුම්රිය චීනවරායේ සිට සීදූව දක්වා ගමන් ආරම්භ කල අතර මෙම දුම්රිය යලි දෛනිකව ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඉකුත් 28 වෙනිදා ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබූ පසු දුම්රිය මාර්ග පිළිසකර කිරීමෙන් අනතුරුව ධාවනයට එක්වන පළමු දුම්රිය මෙය වන බව සඳහන් වේ.

මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ගල්ඔය හරහා මඩකලපුව දක්වා මාර්ගයේ හානියට පත් ගල්ලෑල්ල හා මනම්පිටිය අතර පිරිසකර කිරීම් 90% අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු (නැගෙනහිර) නිසල් ලියනආරච්චි මහතා පවසයි.

අධිකාරි ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ, මේ වන විට විනාශයට පත් දුම්රිය මාර්ගයේ ගල්ලැල්ල සිට මනම්පිටිය කොටස ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කර ඇති අතර ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා සේවා දුම්රිය ප්‍රථමවරට අද (16) ධාවනය කරමින් ඉදිරියට ගමන් කර ඛාදනයට ලක් වූ ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...