සටහන : සශිකලා මධුෂාණි
දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවට ඇතුළු වන සහ ඉන් පිටතට යන සියලුම තෙල් නවුකා අවහිර කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සිය Truth Social සමාජ ගිණුමේ සටහනක් එක් කරමින් ප්‍රකාශ කර තිබුණේ, වෙනිසියුලා නායක නිකොලස් මධුරෝගේ රජය විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති බවත්, එය එක්සත් ජනපද වත්කම් සොරකම් කිරීම මෙන්ම ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බැවිත්, තමා වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් සම්පුර්ණයෙන්ම අවහිර කිරීමට නියෝග කර ඇති බවත්ය.
ජනාධිපති ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශයන්ට වෙනිසියුලාව තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර මෙය සිදුවන්නේ එක්සත් ජනපදය වෙනිසියුලා වෙරළට ඔබ්බෙන් තෙල් ටැංකියක් අල්ලා ගැනීමෙන් සතියකට පසුවය.
ට්‍රම්ප් පරිපාලනය වෙනිසියුලාවට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නැවත නැවතත් චෝදනා කර ඇති අතර, සැප්තැම්බර් මාසයේ සිට එක්සත් ජනපද හමුදාව ෆෙන්ටැනයිල් සහ අනෙකුත් නීති විරෝධී මත්ද්‍රව්‍ය එක්සත් ජනපදයට රැගෙන යන බවට චෝදනා කරන බෝට්ටුවලට එල්ල වූ ප්‍රහාරවලින් අවම වශයෙන් 90 දෙනෙකු මිය ගොස් ඇත.
මෑත මාසවලදී එක්සත් ජනපදය, කලාපයට යුද නැව් ද ගෙන ගොස් ඇති අතර ලොව විශාලතම තෙල් සංචිතවලින් සමහරක් ඇති වෙනිසියුලාව, වොෂින්ටනය එහි සම්පත් සොරකම් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ පනවන ලද එක්සත් ජනපද සම්බාධක යටතේ වෙනිසියුලාව මේ වන විට අපනයන සඳහා දැඩි සීමාවන්ට මුහුණ දී තිබේ.