සටහන – රුවන් නෙළුගොල්ල
Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම නිෂ්පාදනය කළ තවත් ඖෂධ වර්ග ගණනාවක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් තැබූ රහසිගත ගිවිසුම් හේතුවෙන් ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට පැමිණීමේ හැකියාව පිළිබඳව පසුගිය මැයි මාසයේ සිට තම පක්ෂය කළ අනතුරු හැඟවීම් මේ ඔස්සේ යතාර්ථයක් බවට පත්වෙමින් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව 2025 අප්‍රේල් 05 අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්‍රමවේදයම විකෘති කර, ඉන්දියානු ඖෂධ සමාගම් වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වීමට පාර කපන බවට තමන් සැක කළ බවත් හොඳටම ප්‍රමාද වුවත් දැන් මේ මොහොතේ හෝ මේ ගිවිසුම් ජනතාවට විවෘත කරන ලෙසත් මේවා හානිකර බවට සමාජ මතයක් තිබේනම් එම ගිවිසුම් වලින් ඉවත්වන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

