ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :

අද (17) පෙරවරුවේ, මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ ජනාධිපති අනුර ජනාධිපති කාර්යාලයේදී හමුවක් පැවැත්වුණි.

මෙම ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස වෙත ස්තූතිය පළ කළෙමි. ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර සපයා දීමෙන් චීන රජය ලබා දුන් හෘදයාංගම සහාය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා , ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වය සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී චීන නියෝජිත පිරිස දැනුවත් කළේය,

විශේෂයෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංවර්ධනයට චීන රජයේ පූර්ණ සහාය මෙහිදී පළ කෙරුණු අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම හමුව ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරන බවද කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...