තමන් සමඟි ජන බලවේගයෙන් ඉවත්ව ඇති බවට පළවන මාධ්‍ය ප්‍රචාරවල සත්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු මේ බව තහවුරු කර සිටියි.
මාධ්‍ය වාර්තාවල පළවුණේ මයන්ත දිසානායක මහතා සමඟි තරුණ බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා ඇස වී ඇති බවයි.
කෙසේවෙතත් එවැන්නක් මෙතෙක් සිදුව නැති බවයි ඔහු පවසන්නේ.