කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ කදුකරයේ ප්‍රධාන ජලාශ වාන් දැමීම අද පෙරවරුවේ සිදුවිය.
වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 06ක් අද උදෑසන 09.30 වන විට විවෘත වී ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 17 700ක් රන්දෙණියල ජලාශයට මුදා හැරේ.
රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත වූ අතර ඉන් තත්ත්පරයට ඝන මීටර් 472ක ජල ධාරිතාවයක් පහළ රන්ටැඹේ ජලාශයට මුදා හැරිණි.

රන්දෙණිගල ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 01ක් උසට ද අනෙක් දොරටුව මීටර් 2.5ක් උසට විවෘත වී ඇත.
වික්ටෝරියා, රන්දෙණියල, රන්ටැඹේ ජලාශ වාන් දැමීම හේතුවෙන් මිනිපේ අමුණ මගින් ගමන් කොට මුදා හරින ජල ප්‍රවාහයේ ධාරිතාව වෙනස් විය හැකි බවත් ලොග්ගල්ඔය, දියබානා ඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශවලින් වාන් දමන ජලය සහ බදුළු ඔයේ ජලය යළිත් මහවැලි ගංගාවට එක් වන බැවින් ගංගා පරිහරණයේද විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිගන ප්‍රධාන වේලී හා ජල මෙහෙයුම් අංශය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...