කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ කදුකරයේ ප්‍රධාන ජලාශ වාන් දැමීම අද පෙරවරුවේ සිදුවිය.
වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 06ක් අද උදෑසන 09.30 වන විට විවෘත වී ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 17 700ක් රන්දෙණියල ජලාශයට මුදා හැරේ.
රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත වූ අතර ඉන් තත්ත්පරයට ඝන මීටර් 472ක ජල ධාරිතාවයක් පහළ රන්ටැඹේ ජලාශයට මුදා හැරිණි.

රන්දෙණිගල ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 01ක් උසට ද අනෙක් දොරටුව මීටර් 2.5ක් උසට විවෘත වී ඇත.
වික්ටෝරියා, රන්දෙණියල, රන්ටැඹේ ජලාශ වාන් දැමීම හේතුවෙන් මිනිපේ අමුණ මගින් ගමන් කොට මුදා හරින ජල ප්‍රවාහයේ ධාරිතාව වෙනස් විය හැකි බවත් ලොග්ගල්ඔය, දියබානා ඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශවලින් වාන් දමන ජලය සහ බදුළු ඔයේ ජලය යළිත් මහවැලි ගංගාවට එක් වන බැවින් ගංගා පරිහරණයේද විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිගන ප්‍රධාන වේලී හා ජල මෙහෙයුම් අංශය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...