අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

Date:

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසට
චීත්තේට මන් තුරුල් කරගෙන දුවන් යනවා වළන් මැස්සට
පාන්දර මහා කන්ද නැගලා අම්මා යනකොට දළු කඩන්නට
පරක්කුයි ඉස්කෝලේ කිය කිය පස්ස හේදුවේ එකී හනිකට

අහස පොලවට පාත් වෙනකම් අම්මා කුස්සියේ හුල්ලද්දී
බුරු ඇඳ උඩ බීලා වැටිලා තාත්තා බැන බැන ඉඳිද්දී
මල්ලියේ උඹ යන්න හදපන් කියලා කන් දෙක පාළු වෙද්දී
අක්කා තෝඩුව දුන්න හින්දයි ගියේ කැම්පස් මන් එරන්දී

කිසිම දවසක පාට නොකරපු කිළිටි නිය අග හිරවෙලා
තවම ඇති මඩ හීනී වැල්ලක් අතැර යන්නට ලොබ වෙලා
මහපොළෙන් අර ගෙවන සොච්චම පැනලා යනකොට බයවෙලා
සල්ලි එවුවේ ඒකි මහවැළි ගඟේ යටිබඩ හුරලා

පස්සේ කාලෙක ඔපීසියේ වැඩ ඔයත් ඒ මැද හම්බුනා
ඇත්තටම මට ගමට යන බස් මාස හය හත වැරදුනා
අම්මගේ තෙල් බෙහෙත් එක්කම එයාගෙත් කෙස් සුදු වුනා
බෙළිමලක් ගෙයි ගිණි නිවන්නට කුස්සි මුල්ලේ තැම්බුනා

තවත් මොකවත් කියන් ඇවිදින් එපා දත් ටික කඩාගන්න
උඹට කළු කැත හිඟන ගෑනියි මාව මිනිහෙක්‌ කලේ ඔන්න
බැංකු පොත මට දියන් හංගපු තැනින් දැන්වත් ගමේ යන්න
මගේ අක්කට නිදා ගන්නට ලෑලි පෙට්ටිය අරන් දෙන්න

~ ජනිත් විතාරණගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...