නොනිමි අරගලයේ ගී රාවය

Date:

ගටක් එක්ක නැගිටින රටක් ඇතුළෙ අපි මේ හිටගෙන ඉන්නෙ. ආයෙ ඒකෙ කතා දෙකක් නෑ. දැනටත් මුළු අයිලන්ඩ් එකම ප්‍රොටෙස්ට් ෆීල්ඩ් එකක් වෙලා ඉවරයි. ඒකෙ පයනියර්ස්ලා හොයනවට වඩා වැඩේ ඇතුළෙ තිබ්බ සිනාරියෝස් ටික හොයන එක  හරි ඉන්ටරෙස්ටින්. තවමත් ඉවර නැති අරගලයට , පුළු පුළුවන් විදියට මිනිස්සු ආවා. එනවා. බෝඩ් එකක් අල්ලගෙන ඉන්නවට අමතරව තමන්ව රිප්‍රෙසන්ට් කරන්න තවත් විධි උන් හෙව්වා. 

නටන්න පුළුවන් උන් නැටුවා. රඟපාන්න පුළුවන් උන් රැඟුවා. ලියන උන් ලිව්වා. වයන උන් වැයුවා. එකම ප්ලැට්ෆෝම් එකක එක එක ඒව සිද්ධ උනා. අරගලේ ලයිව්ලිනෙස් එක එක්සිස්ට් උනේ එහෙමයි. බොක්කෙම්ම කියන්ඩෝනෙ, ඒකෙ කිසිම වැරැද්දක් නෑ. කානිවල් කානිවල් ගගා රෑ දවල් කෑගහපු පීපල්ලට කියන්ඩෝනෙ, අරගල කියන්නෙ බෝඩ් විතරක් නෙවේ බ්‍රෝ. 

ඉන්සිඩන්ට්ස් සිද්ධ වෙද්දි කවදහරි දවසකට බලන්ඩ , ස්ටඩී කරන්ඩ ඔය ඕන එහෙකට ඒවා ස්ටෝර් කරන්න ක්‍රම සහ විධි තියෙනවා. රිසර්ච් එකකින්, පොතකින්,  ඩ්‍රාමා එකකින් ඕන එකකින් ඕක කරන්ඩ පුළුවන්. ඒ ඒ ටයිම් පීරියඩ් එක ඒවයෙන් ඇපියර් වෙනවා. ‘පවන’ ඇහෙද්දි ඔලුවෙ ප්ලේ වෙන ඊරා එකක් තියෙනවා. ලංකාවේ ‘2022 අරගලය’ තීම් කරගෙන හැදිච්ච සෝන්ග්ස් ටික අන්න ඒ විදියට වෙනම ලිස්ට් කරන්න පුළුවන්. 

පොඩි ක්ලූ එකක් දෙන්නං පොඩ්කාස්ට් එකක් ගැන. ඇමරිකාවෙ ලයින්ච්බර්ග් යුනිවසිටියෙ ඩොක්ටර් කෙනෙක් සහ ස්ටුඩන්ට් කෙනෙක් එකක් ජස්ටින් කමින්ග් කියලා හාදයෙක්  කරපු ඉන්ටර්වීව් එකක්. ගූගල් එකේ බඩු තියෙනවා . ‘හව් ඩස් මියුසික් ස්ටාර් අ රෙවොලූශන්? ‘ ඉන්ටර්වීව් එක යන්නෙ ඔය ප්‍රශ්නෙ බේස් කරගෙන. සෝන්ග් එහෙකට නැත්තං මියුසික්වලට අරගලයක් අස්සෙ මොකක් කරන්ඩ පුළුවන් වෙයිද? ගුරයි ගෝලයයි ලස්සන උත්තරයක් දෙනවා. මිනිස්සුන්ව යුනයිට් කරන්ඩ , කතාවක් කියන්ඩ, ඇක්ශන් එකක් ගන්ඩ කියලා අඬගහන්ඩ, මිනිස්සුන්ගෙ අයිඩින්ටිටි එක රකින්ඩ අරගලයක් අස්සෙ සින්දුවකට පුළුවන්. උන් දෙන්නා එක හෙළා කියනවා. 

මේක ලංකාවට එන්ඩැමික් දෙයක් නෙවේ ගයිස්. ගෙට් අප් ස්ටෑන්ඩ් අප්  කියලා බොබ් මාලේ කියද්දි අපිවත් හිටගැනුනා. වික්ටර් හාරා මැරුං කෑවෙත් සින්දු කියන්ඩ ගිහිල්ලා. එහෙම බලද්දි ප්‍රොටෙස්ට් එකකදි සෝන්ග්ස් කියන්නෙ මැසීව් මූමන්ට් එකක්.  
මේ මාස ගානට ලංකාව ඇතුළෙ අරගලය ගැන ඇප්‍රොක්සිමේන්ට්ලි සෝන්ග්ස් විසිපහක් රිසීස් වෙලා තියෙනවා.

මේවා ඔක්කොම හන්ඩ්‍රඩ් පසන්ට් පපුවෙන් ලියවෙච්ච සෝන්ග්ස්. වෙට්‍රන් නන්දා මාලිනීගෙ ඉඳලා මිලියනයර්ස්ලා වෙනකං ඒ  දායකත්වය දීලා තියෙනවා. ‘බෙල්ලා චාඕ ශ්‍රී ලංකන් වර්ශන්’ එක ‘ඇසුනාදෝ ‘ කියලා උඹට මට කතා කරනවා. අරගලේට වරෙං කියලා ඔලුවට තට්ටු කරනවා. ‘ තාරුණ්‍යයේ හදවත් සීරුවෙන් – අසීරුම තැන අපි සීරුවෙන්’ කියද්දි එන ගැම්මට දෑත බදලා මිනිස්සුන්ව බදාගන්න හිතෙනවා. 

‘ එකා පිට අපි එකා වැටුණද – රොද බඳිමු අපි  සිව්හෙළේ’ ,  ඔව් උන් එහෙම කෑගැහුවා. ඉල්ලීම් කළා. ‘ ආදරේ අරගෙන වරෙල්ලා’ කියලා සමනලී ෆොන්සේකා කිව්වා. පපුව අතේ තියාගෙන බැට්ල් ෆීල්ඩ් එකට බැස්ස උන්ට ‘ දඩබිමේ පෙරමුණට යන ණය නැති පුතේ’ කියලයි වෙට්‍රන් නන්දා මාලිනී කතා කළේ. වෝ එකක් කරන්න හාඩ් වෙපන්ස් ඕන නෑ. ලව් තිබ්බම ඇති.  ඔක්කොම සෝන්ග්ස්වලින් කිව්වෙ ඒක. මේ  ප්‍රොටෙස්ට් එක අස්සෙ  මාස් කමියුනිටි එක වයර්ලන්ස්වලින් ඈත් වෙන්ඩ ඒ මියුසික් වයිබ් එක ලාවට හරි බලපෑවා. මුලින් කිව්ව වගේ ලිස්ට් එකේ විසිපහක් ලං වෙන්න වෝකල්ස් තියෙනවා. ඒ නිසා කරන තියෙන්නෙ මෙච්චරයි. යූටියුබ් එකේ ‘ අරගල සෝන්ග්ස්’ කියල සර්ච් පාරක් දාන්ඩ.   එක පෙළට එක මිටට බඩු ඇති. 

කියන්ඩෝනෙ මෙච්චරයි ගයිස්. සෝන්ග්ස් විදියට මේවයේ ඇඳකුද ගොඩක් ඇති. බට් එන්ඩ් ඔෆ් ද ඩේ  ජෑස් රැප් හිපොප් ඕන විදියකින් මේ රිප්‍රසන්ට් වෙන්නෙ අපේ අයිලන්ඩ් එකේ ගෝල්ඩන් ඊරා එකක්. ඒ ඊරා  එකේ ස්ටෝ රූම් එකේ මේවා තියෙන්නම ඕනෙ. දැට්ස් ඉට්. 

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...