ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

Date:


නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW:

ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස ක්‍රිකට් ව්‍යහුය තුළ පවතින පොදු දුර්වලතා ඒ ආකාරයෙන්ම ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව ඉදිරියේ කඩුලු 8 න් පරාජයට පත් විය. විශාල පන්දු පහර නැතිකම ද,වැඩි නිලකුණු පන්දු ප්‍රමාණය වැඩිකමද,කඩුලු අතර දිවීමේදී දක්වන දුර්වලතාවයද පදනම් කරගෙන පිතිකරණයේදි පෙන්වන අසාර්ථකභාවය මේ පරාජයට බලපෑවේය.


තරගයේ කාසියේ වාසිය ලබා ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළේය.විශ්මි පන්දුව දකින්නට ගන්නා කාලය සමඟ චමරිට තමන් සතු වේගවත් බව ද ඉක්මවා වේගවත් වීමට අවශ්‍යය විය.ප්‍රතිපලය පන්දු 12 දී ලකුණු 15 ක් ලබා සිටියදී ඇය ක්‍රාන්ති ගෝඩ් ගේ ගොදුරක් බවට පත් වීමය.


හසිනි සහ විහ්මි අතර සබදතාවය තුළ මෙන්ම විශ්මි සහ හර්ෂිතා අතර සබඳතාවය තුළ ද දුටු දෙයක් වන්නේ විශ්මි කඩුලු අතර දිව යාමට දක්වන බියය.නැත්නම් පසුබෑමය.එය ඇයගේ යෝග්‍යතාවයේ අර්බූදයක් ද යන්න සිතා බැලිය යුතුය.එසේ වුවත් තවත් අතකින් අවසාන ප්‍රතිපලය බලන විට ඇය සමස්ත තරගයේම එල්ල කළ එකම හයේ පහර වෙනුවෙන් ඇගයීමක් ලැබුවාය.ආරම්භක පිතිකාරිය ලෙස පැමිණ පළමු පන්දුවේ සිට 18 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේදි දුවද්දි දැවී යන තෙක් කඩුල්ලේ සිට විශ්මි ලබා ගන්නා ලකුණු ප්‍රමාණය පන්දු 43 දී ලකුණු 39 කි.


පන්දු 43 ඕවර් කර ගත් විට පන්දු ඕවර් 7.1 කි.ඇය පන්දු ඕවර් 7.1 සඳහා ලකුණු 39 ක් ලැබීම ඉණිමේ වැඩිම ලකුණු ප්‍රමාණය වුව ද ඕවරයකට සාමාන්‍ය ලෙස ගත්විට ලකුණු හයට අඩු ප්‍රමාණයකි.මේ ගැන සළකා බැලිය යුතුව ඇත.නිරන්තරයෙන්ම හයේ සහ හතරේ පහර එල්ල නොවුණ ද,කෙටි ලකුණු සඳහා වේගවත් විය යුතු අතර ඒ සඳහා දක්වන අවිනිශ්චිතභාවය වෙනස් කර ගැනීමද වටින්නේය.නිලකුණු පන්දු සටහන් වන්නට නොදී ලකුණ කරා වන ස්ථානගතව පන්දුව පිහිටුවීමටඇය පමණක් නොව ශ්‍රී ලංකා කණ්ඩායමම උත්සාහ කළ යුතුය.


තරගයේ 18 වන ඕවරයේ පස්වන පන්දුවේදි විශ්මි ගුණරත්න සිව්වන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු පූවරුව දැක්වෙන්නේ 103 ක් ලෙසය.මේ තරගයේදී ශ්‍රී ලංකාවේ මුළු ලකුණු ප්‍රමාණය වූයේ කඩුලු 6 ට 121 ක් ය.අවසාන පන්දු 12 තුළ දී ලකුණු 18 ක් එකතු වෙන අතර එය කලබලකාරී වේගවත්විමක ප්‍රතිපලයක්ය.ඒ කලබලය විසින් තවත් දුවද්දි දැවී යාම් දෙකක් ද ඊට එකතු කරන අතර කඩුලු රැකීමේ වගකීම ස්ථිර කර මේ තරගයේදී පැවරුණ කව්ශිනි නෘත්‍යාංගනා පන්දු 6 දී ලද ලකුණු 9 මේ තරගයේ ශ්‍රී ලංකා ක්‍රිකඩිකාව පෙන් වූ වැඩිම ලකුණු ලබා ගැනිමේ සාමාන්‍ය වේගය විය.


ලකුණු 121 ක් හඹා යාම පහසු එකකි.ඉන්දීය පිතිකාරිණියන් ගත් විට එය නැවත්වීම අපහසු වුව ද කාව්‍යා කාවින්දි ගේ පන්දුවක් ඉදිරියේ ශෂිනි ගිම්හානි තරගයේ දුටු අලංකාරම උඩ පන්දුව රැක ගනිමින් කළ වික්‍රමය නිසා සෙෆාලි ෂර්මාගේ ඉණිම ලකුණු 9 දී හමාර විය.එවිට මුළු ලකුණු පූවරුව 13 ක් විය.එතැන් සිට ස්ම්‍රිතා මන්දනා (25) සහ තරගයේ වීරවරිය වූ ජෙමීමා රොඩ්‍රිගෝස් තරගය සිය පාලනයට යටත් කර ගැනීමට සමත් විය.ලකුණු 54 ක සබඳතාවයක් ඇති කළ මේ දෙදෙනාගෙන් පසුව නොදැවී ජයග්‍රහණය කරා ඉන්දියාව රැඟෙන ගිය ජෙමීමාට එක් වූයේ නායිකා හර්මන්පිට් කෝර් ය.ජෙමීමා නොදැවී ලකුණු 69 පන්දු 44 දි වාර්තා කරද්දී,හර්මන්ගේ දායකත්වය වූයේ පන්දු 16 ට ලකුණු 15 කි.


මෙහිදී ශෂිනි ගිම්හානි විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්ත ද සිය පන්දු ඒවර දෙකේදි එකකට 16 බැඟින් ලකුණු 32 ක් ලබා දුන්නාය.ඇය ගැනම නම් කරමින් තරගයේ වීරවරිය වූ ජෙමීමාට ප්‍රශ්නයක් දමා ගසන මුරලිට ඇය දුන් පිළිතුර පැහැදිළි කළේ ජෙමීමා සාර්ථක කර ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ විශ්ලේෂකයන් බවය.


‘ඇය දක්ෂ බව අපට කියා තිබුණා.මම පන්දු රකින්නන්ට ඉහළින් ඇයට පහර එල්ල කරන්න සමත් වුණා.‘
මේ කාරණය වගේම සාර්ථක වූ ජෙමීමා ඉතාම සරලව සිය හැකියාව ගැන සඳහන් කරන්නේ ඇය සතුව බරක් නැති හිස් මනසක් තිබීම සහ පන්දු යවන්නන් අතර ඉඩ සොයා ගැනීමට තමන් සතුව ඇති හැකියාවයි.ශ්‍රී ලංකා පිතිකාරිණියන් අවධානය යොමු කළ යුතුම කාරණය ජෙමීමාගේ මේ ස්වභාවය ඇති කර ගන්නේ කෙසේද යන්න සිතිමයි.විශේෂයෙන් කෙතරම් පහර එල්ල කළ ද ශෂිනි ගිම්හානි හොද ඉල්පීමක් මෙන්ම දඟ කැවීමක් ද සහිතව පන්දු යැවිමේ නිරත වුණ අයුරු වැදගත් වන අතර පන්දු යැවීම තුළ දක්ෂයෙකුවිමට ඇවැසි ඇය සතු මූලික කරුණු අතරට පන්දුව යොමු කරන ආකාරය,විවිධාංගීකරණය වැනි කාරණා ද එක්කොට තරගයක් වෙනස් කළ හැකි බලයක් ඇයගේ පන්දු යැවීමට ලබා දීම වැදගත් වනු ඇත.


නායිකා චමරි අතපත්තු කණ්ඩායමේ පිතිකරණ වගකීම ඉටු නොවීම ගැන කී කතාව වැදගත්.පරාජයේ වගකීම යන්නේ කිසිසේත්ම ඉන්දියාවට ඔරොත්තු නොදෙන ලකුණු 121 ක ලකුණු පූවරුවක් ලබා ගැනීමටයි.එහෙත් තරගයකට පසුව එන්නේ එවැනිම තවත් ප්‍රතිපලයක් නොවීමේ දුර්වලතාවය වෙනස් කර ගැනීමට ජාත්‍යන්තර මට්ටමේ කන්ඩායමකට හැකි විය යුතුයි.ඒ විශ්වාසයෙන් අපි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙස බලා සිටිමු.
ඒ සඳහා දිප්ති ෂර්මා වැනි ක්‍රීඩිකාවන් දුටු සැනින් ඇතිවන තිගැස්ම සහ පසුබැස්ම සහිත මානසිකත්වය ද වෙනස් විය යුතුව තිබෙනවා.ඒ වගේම පන්දු රැකිමෙන් අතිශයින් අසාර්ථක වූ ශ්‍රී චරණි වැනි ක්‍රීඩිකාවක් තරගය ඇතුළතම ඇයගේ විහ්වාසයට වටිනාකමක් ලැබෙන ආකාරයට ඇය තුළින්ම නැවත ගොඩ නැඟීමක් ඉන්දීය කණ්ඩායම තුළින් දකින්නට ලැබුණා.එය ද අවධානය යොමු කළ යුතු කාරණයක්.
ලකුණු පූවරුව පහතින් දැක්වෙනවා. https://bit.ly/4pJ3Ehm

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...