ඉන්දියාව චීනයට සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධන වේගයක

Date:

ඉන්දියාව මේ වන විට ප්‍රධාන ආර්ථිකයන් අතර ප්‍රමුඛයා වේ. ඉහළ යන ගෝලීය උද්ධමනය සහ පොලී අනුපාත මධ්‍යයේ වුවත් ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2022 වසර තුළ ආසියා කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉන්දියාව 8% කින් වර්ධනයව ඇති බව පුරෝකතනය කර ඇත. එය ඉන්දියාවේ පසුගිය වසරේ පැවැති 9% ප්‍රක්ෂේපණයට වඩා අඩු අගයක් වුවද ආසියා කලාපයේ වාර්තාගත ප්‍රගතියකි. ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙකු වන ලුයිස් බෲයර් විසින් 2023 දී දළ දේශීය නිෂ්පාදිතය 7% ට ආසන්න වන බව ප්‍රකාශ කොට ඇත.

චීනයේ ජනාධිපති පසුගිය දා “ශුන්‍ය-කොවිඩ්” අගුලු දැමීමක් සිදු කළ අතර එය පාරිභෝගික සහ ව්‍යාපාරික විශ්වාසයන්ට බරපතල පහරක් විය.ඒ අනුව ආසියාවේ විශාලතම ආර්ථිකය වසරකට පෙර අප්‍රේල්-ජූනි කාර්තුවේදී 0.4% කින් වර්ධන අගයක් ප්‍රකාශ විය. එය මුල් කාර්තුව තුළ 4.8% වර්ධන වේගයක් පෙන්නුම් කර තිබිණි.

මේ වන විට චීනයේ නවතම සංඛ්‍යා දත්ත හා සහ බුබුළු නැඟෙන දේපල වෙලඳපොල ගැටලු හේතුවෙන් 2022 දී චීන ආර්ථිකයේ ඉදිරි දැක්ම තව දුරටත් අඳුරු කරනු ඇති බව ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් අනාවැකි පලකර ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...