පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතුයි – සුමන්දිරන් (VIDEO)

Date:

පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර නව ජනවරමක් සඳහා මහමැතිවරණයක් පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

“අරගලයේ අය ප්‍රකාශයක් කළා ජනාධිපති ලේකම් කාර්යාලය පසුවදා සවස 2.00ට භාරදෙනවාය කියලා. ඒ කිව්වාට පස්සෙ මේ වගේ සිදුවීමක් වෙලා තියෙනවා. මේ වගේ ක්‍රියාවක් මැයි 09 වෙනිදා කරනකොට රනිල් වික්‍රමසිංහ මහතා එක නිවේදනයකින් කිව්වේ මේක තරයේ හෙළාදකින බවත් අනිත් එක මේ වගේ රජය හැසිරුණොත් එතුමා රජයට දෙන සහාය ඉල්ලා අස්කරගන්නා බවත් එතුමා කිව්වා. එතකොට අපිත් හිතලා බලන්න ඕනෙ දැන් මේ රජයට අපේ සහාය දෙන්න පුළුවන්ද කියලා. ජනවරම අහිමි වුණු නිසා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වුණේ. එනිසා තමයි මම නිතරම කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න, විසුරුවා හැරලා මැතිවරණයක් තියන්න කියලා. අලි සබ්‍රි මහතාව දැන් විදේශ ඇමති හැටියට පත්කරලා තිබෙනවා. එතුමාම කියලා තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නීතීඥයා වන තමන් නඩු 35කදී එතුමා වෙනුවෙන් පෙනී හිටලා තියෙනවා කියලා. එතකොට ඇයි එයාව විදේශ ඇමති තනතුරට පත් කළේ ? ගෝඨාභය රාජපක්ෂට රටකින් රටකට යන්න එතුමාගේ සහාය දෙන්නට පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව ඉල්ලා අස්වෙන්නට ඕනෙ, ජනාධිපතිතුමාත් ඉල්ලා අස්වෙන්නට ඕනෙ, පාර්ලිමේන්තුවත් වහාම විසුරුවා හැර මැතිවරණයක් තියන්නට ඕනෙ”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (23) යාපනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...