වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ බලය පාලක සභාවට පැවරීමේ තීරණය වහාම හකුළා ගැනීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය කටයුතු නොකළහොත් ලබන සතියේදී සමස්ත විශ්විද්‍යාල පද්ධතියම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානමින් සිටින බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

“වෙන කවරදාකවත් නැති විදියට අපි දකිනවා අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනය පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළට රිංගා ගනිමින් සිටිනවා කියන කාරණය. විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයා කියන්නේ රටේ ජනාධිපතිවරයා හෝ දේශපාලන යාන්ත්‍රණය විසින් පත්කරන පුද්ගලයෙක්. එතකොට ඒ හරහා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පැහැදිලිවම දේශපාලනීකරණයක් සිදුවෙමින් තිබෙනවා. හැබැයි මේ පනත් සංශෝධනය හරහා ඒක නැතිවෙනවා. නමුත් මේ පනතෙත් විවිධ ගැටලුකාරී තත්වයන් තිබ්බා. පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ බලය පාලක සභාවට පවරලා තිබ්බා. අපි පසුගියදා අග්‍රාමාත්‍යවරිය සමග සාකච්ඡා කළා. පාලක සභාවට ඒ බලය පැවරීම ඉවත් කරන බවට අග්‍රාමාත්‍යවරිය එහිදී පොරොන්දු වුණා. හැබැයි මේක මෙහෙම තියෙනකොට දැනට තියෙන ප්‍රතිපාදනවලට යටත්ව ක්‍රියාත්මක වෙන අංශ ප්‍රධානීන් සහ පීඨාධිපතිවරුන් පත්කිරීම කියන කාරණාව දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම්දීලා තිබෙනවා. ඒ නැවැත්වීම ඉතාම බරපතළයි පද්ධතියට. සරලවම කිව්වොත් විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනයට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලපෑම වෙන කවරදාටත් වැඩිය තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්නේ මේ ලිපිය වහාම හකුළා ගත යුතුයි. එසේ නොවුණහොත් අපි ලබන සතිය වෙනකොට පැහැදිලි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න සූදානම් වෙලා ඉන්නවා”

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...

කොළඹට නත්තල්! (PHOTOS)

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...