අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW :

අද (24) සිට රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණ බව සඳහන් වේ.

ඒ සඳහා අදාළ ආයතන සමග ගිවිසුම්ගතවීම සිදු කෙරුණ අතර, සුරාබදු කොමසාරිස්  ජනරාල්වරයා සඳහන් කළේ, මේ වසරේ  රජය මගින් ලබාදී තිබූ රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කය වෙත ලගාවෙමින් පවතින බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන බොහෝ පිරිසකට අනවශ්‍ය ලිපිද්‍රව්‍යවලින් බැහැරව කටයුතු කිරීමට පහසුකම් සැපයෙන බව  මෙහිදී වැඩදුරටත් අනාවරණය විය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැහැදි කළේ, ඉදිරි අවුරුදු දෙකක කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට අහිමි වූ ආදායම් ලබාගැනීමට මෙම ඩිජිටල් කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ හැකියාව ලැබන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...

කොළඹට නත්තල්! (PHOTOS)

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...

වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ...