ප්‍රංශ නිළි රැජිනකගේ නික්ම යෑම – French actress Brigitte Bardot dies aged 91

Date:

සටහන – පුලී

දෙසැම්බර් 28, කොළඹ (LNW):  ප්‍රංශ තිර පුරාවෘත්තයක් වන බ්‍රිජිට් බාර්ඩොට් වයස අවුරුදු 91 පසු කරමින් සිටියදී මෙලොව හැර ගිය බවට දැන ගන්නට හැකි විය.

ඒ බ්‍රිජිට් බාර්ඩොට් පදනම නිකුත් කළ නිවේදනයකින් ඇගේ මරණය පිළිබඳ පුවත මෙසේ සැල වූ හෙයිනි.

“බ්‍රිජිට් බාර්ඩොට් පදනම එහි නිර්මාතෘ සහ සභාපති, ලෝක ප්‍රකට රංඟනශිල්පිනියන් සහ ගායිකාවක් වන මැඩම් බ්‍රිජිට් බාර්ඩොට්ගේ අභාවය අතිශයින් ශෝකයෙන් නිවේදනය කරයි, ඇය තම ජීවිතය සහ ශක්තිය සත්ව සුභසාධනය සහ ඇගේ පදනමට කැප කිරීමට තම කීර්තිමත් වෘත්තිය අතහැර දැමීමට පවා තෝර ගත් අයෙකි.” නිවේදනයෙහි මෙසේ සඳහන් විය.

බාර්ඩොට් චිත්‍රපට 50 කට ආසන්න සංඛ්‍යාවක සිය රංඟනයෙන් දායක වූ අතර, 1973 වසරේදී සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීම සඳහා ප්‍රසිද්ධියේ තම රැකියාවෙන් විශ්‍රාම යාමට පෙර ගෝලීය සංකේතයක් බවට පත්ව සිටියාය. සත්ව සුභසාධනය සඳහා සටන් කිරීම සඳහා බ්‍රිජිට් බාර්ඩොට් පදනම ද ඉන් පසුව ඇය පිහිටුවන ලදී.

1934 සැප්තැම්බර් 28 වන දින උපත ලද බ්‍රිජිට් ඈන්-මාරි බාර්ඩොට් ප්‍රංශය හෙල්ලූ රංඟනශිල්පිනියක්, ගායිකාවක්, නිරූපිකාවක් සහ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. සුඛෝපබෝගී ජීවිත සහිත චරිත නිරූපණය කිරීම සඳහා ප්‍රසිද්ධ වූ ඇය ශුංගාර රසය ඉස්මතු කරන කලා ලෝකයේ නිළි රැජිනකි. 

Images : Internet

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...