2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW:

මුදල් අමාත්‍යංශය මගින් 2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක් රැස් කිරීමට හැකිවී තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා රේගුව පවසන්නේ, ඒ අනුව 2025 වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බවයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කර සිටියේ, 2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවයි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් ඇති බවයි. රේගුව තුළ ගෙන තිබු විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකිවු බවද රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...