සංචාරකයින් පැමිණීමේ ඉතිහාස ගත වාර්තාවක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව මෙම වසරේදී සහතික කර තිබේ.

ඒ අනුව මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යමින් අද (29) දවස වන විට 2,333,797 වන සංචාරකයා දිවයිනට පැමිණ ඇත.

මෙම ජයග්‍රහණය ජාතියේ සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරන අතර, ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා සංචාරක ආයතනය පවසන්නේ.

සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස දිගටම පවතින අතර විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි.

දිට්වා සුළි කුණාටු ව්‍යසනය වැනි අභියෝග මධ්‍යයේ මෙම සන්ධිස්ථානයට ළඟා වීම කර්මාන්තයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන බව ද ශ්‍රී ලංකා සංචාරක ආයතනය සඳහන් කරයි.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන නගරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...

පාස්ටර් ජෙරොම් සහ කතෝලික පල්ලිය අතර වන කලබගෑනිය!

දෙසැම්බර් 28, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ නිහඬතාවය...

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...