විදේශ ඇමති කොරියානු ජනරජයේ නියෝජ්‍ය අගමැති සහ අධ්‍යාපන ඇමති සෝල් නුවර දී හමුවෙයි

Date:

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සෝල් නුවර දී හමුවෙයි

සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව- වෘත්තීය අධ්‍යාපනය සඳහා සහය

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා වන යූ ඉයුන්-හයි මැතිතුමා  සමඟ සෝල් නුවර දී සාකච්ඡා පැවැත්වී ය.

අමාත්‍ය පීරිස් මැතිතුමා දෙරට අතර පවත්නා පුළුල් ආර්ථික සහයෝගීතාව පිළිබඳව සඳහන් කළ අතර, විශේෂයෙන්ම කොයිකා (KOICA) සහ කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුව විසින් මෙහෙයවනු ලබන විදේශ සංවර්ධන ආධාර පිළිබඳව අවධාරණය කළේ ය. මෙම වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රතිලාභ පිළිබඳව ද අමාත්‍ය පීරිස් මැතිතුමා සිය ප්‍රසාදය පළ කළේ ය.

දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 22,000ක පිරිස පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ කොරියානු භාෂා ප්‍රවීණතාවය ඉලක්ක කරගත් ඉගෙනුම් පාඨමාලාවල ඇති ජනප්‍රියත්වය පිළිබඳව සඳහන් කළේ ය. 2023 වර්ෂයේ  පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස සම්මත වී ඇති බවද එතුමා ප්‍රකාශ කළේ ය.

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි මැතිතුමා,  ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුලපිරීම් සඳහා පුළුල් සහයක් ලබා දීම සම්බන්ධයෙන් කොරියානු ජනරජය සැලකිලිමත් වන බව සඳහන් කළේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 06 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...