ඩොලර් අර්බුදයෙන් කිරි නිෂ්පාදනයටත් බලපෑම් – කිරි ගවයන්ට බඩඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස්

ඩොලර් අර්බුදය හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය සඳහාද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. දියර කිරි නිෂ්පාදනයේ නිරත වන ගොවීන් පවසන්නේ ගවයන් සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඩොලර් අර්බුදය හේතුවෙන් සත්ව ආහාර සහ බඩඉරිඟු ආනයනය විශාල ලෙස සීමා වී තිබේ. සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීම සඳහා රජය අවසර ලබා දී ඇති නමුත් ඒ් සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගැනීමට නොහැකි වී ඇත.

මේ අතර කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතා සඳහා බඩඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. පොහොර හිගය නිසා රටේ බොහෝ ප්‍රදේශවල බඩඉරිඟු වගාව විනාශ වී ඇති අතර විනාශ වූ වගාවල බඩඉරිඟු ගස් සත්ව අහාර සඳහා මිලදී ගැනීම හේතුවෙන් බඩඉරිඟු ගොවීන්ටද යම් සහනයක් හිමිවන බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසනවා.

මේ වනවිට දේශීය දියර කිරි නිෂ්පාදනය 20% කින් පමණ පහත වැටී ඇති අතර ඉදිරියේදී දියර කිරි නිෂ්පාදනය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි කිරි ගොවීන් පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...