වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන ආණ්ඩුවක් අපි හැදුවා. සමාජ පරිවර්තනයත් සිදු වුණා – නි. ඇමති කෞශල්‍යා

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ වන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන ආණ්ඩුවක් ගොඩනගා ඇති අතර එමඟින් සමාජ පරිවර්තනයක්ද සිදුව ඇති බව ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා වීරරත්න මෙනෙවිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (29) කඩුවෙල මහ නගර සභාව විසින් සංවිධානය කළ ස්වර්ණ ද්වාර 2025 සාහිත්‍ය උළෙල අමතමිනි.

ඒ අනුව කලාව තුළින්ද එම සමාජ පරිවර්තනය පිළිඹිඹු විය යුතු බව ඇය සඳහන් කරන ලදී.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය,”කලාකරුව පක්ෂ දේශපානය සමඟ ගැති නොවී පීඩිත අය සමඟ සිටිය යුතුයි. ඒ වගේම සත්‍ය සමඟ සිටිය යුතුයි. දේශපාලනයට වැරදුණු තැනදීත් සාහිත්‍යකරුවාට, කලාකරුවාට එය පෙන්වා දෙන්න කොන්දක් තියෙන්න ඕනේ. දේශපාලනයේ තොර කලාවක් නැහැ වගේම උසස් කලාවකින් සහ සාහිත්‍යයකින් පෝෂණය නොවූ දේශපාලනයක්ද සාර්ථක එකක් නෙවෙයි. රටක් යහපත් දිශාවට ගෙන යන්න නම් කලාකරුවාට, සාහිත්‍යකරුවාට හොඳ දේශපාලන විඥානයක් තිබිය යුතුයි.” යනුවෙන් පැවසුවාය.

කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද ස්වර්ණ ද්වාර 2025 සාහිත්‍ය උළෙල කඩුවෙල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා වීරරත්න මෙනෙවිය, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කර තිබුණි.

ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් සාහිත්‍ය තරඟ පවත්වා ජයග්‍රාහී දරුවන් වෙනුවෙන් සහතික සහ ත්‍යාග ප්‍රදානය එහිදී සිදුකෙරුණි.

මේ අතර විනී හෙට්ටිගොඩ,ජෝර්ජ් මනතුංග සහ නෙළුම් කළුබෝවිල කලාකරුවන් වෙනුවෙන් ස්වර්ණ ද්වාර 2025 සම්මානය පුදකරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...