වෙඩි තැබීමක්: 16 හැවිරිදි දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW :

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් , කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

එහිදී, බෝධියවත්ත ප්‍රදේශයේදී නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

අදාළ වෙඩිතැබීමෙන් 16හැවිරිදි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.