නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW:
කොළඹ එස්එස්සී පිටිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සකස් කිරීම සම්බන්ධයෙන් මාධය දැනුවත් කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එස්එස්සී ක්‍රීඩා සමාජයේ සාමූහිකත්වයෙන් එසඑස්සී පිටියේදී සිඳු විය.තරගාවලියේ තරග පහක් එස්එස්සී පිටයේ පැවත්වෙන අතර එහි ආරම්භක තරගය පැවත්වෙන්නේ නෙදර්ලන්තය සහ පකිස්තානය අතර පෙබරවාරි 7 වන දා ය.
දැනට 20000 ට පමණ පහසුකම් සහිතව ඉදිවන එස්එස්සී පිටිය ඉදිරියේදී 30000 ක ප්‍රේක්ෂකයන්ට පහසුකම් සහිත ක්‍රීඩා පිටියක් බවට පත් වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද පෙන්වා දුන්නේය.ආලෝක කුළුණු සහිතව තරගාවලිය සඳහා ක්‍රීඩා පිටිය ජනවාරි 20 වන දා සූදානම් කිරීමට හැකි වනු ඇති බව කී සුජීව,ලෝක කුසලාන තරගාවලියට පෙර ප්‍රදර්ශනාත්මක පුහුණු තරගයක් පැවත්වීමට අදහස් කරගෙන සිටින බව ද පැවසීය.

සුජීව පවසන ආකාරයට එක් අතකින් එස්එස්සී ක්‍රීඩා සමාජ්‍ය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට බොහෝ දේ ලබා දී ඇති ක්‍රීඩා සමාජයකි.ඊට කෘතවේදීත්වය දක්වන්නට මෙන්ම ඉදිරි පස් වසර තුළ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය දිවා රාත්‍රී තරග වෙත වැඩි අවධානයක් දක්වන බවක් පෙනෙන්නට තිබීම ද එස්එස්සී පිටිය දිවා රාත්‍රී තරග රාමුව කෙරෙහි නැඹුරු කිරීමට හේතු වී ඇත.ඉදිරියේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරග පැවත්වීම කෙරෙහි වුව ද,එස්එස්සී පිටිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇති බව පෙන්වා දෙන භාණ්ඩාගාරිකවරයා,මේ ආකාරයට දිවා රාත්‍රී තරග පැවත්වීමට සුදුසු පරිදි තවත් ක්‍රීඩාංගණ කිහිපයකට පහසුකම් සැපයීමට සභාපති ශම්මි සිල්වා උනන්දුවෙන් පසුවන බව ද පැවසීය.

නාගරික පරිසරය තුළ දිවා රාත්‍රී තරග විදීමට ඇති පහසුකම් වැඩි දියුණු කරමින් මෙම කාර්යය ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකා ක්‍රිකට් හී අරමුණ බව පවසන සුජීව,ලෝකය සමඟ වෙනස් වෙමින් ගමන් කිරිම ශ්‍රී ලංකා ක්‍රිකට් හී අරමුණ සහ අපේක්ෂාව බව පැවසීය.පරම්පරාමය සාමූහික වගකීමක් ඉටු කරන අවස්ථාවක් ලෙස ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණ අළුත් වැඩියාවට ශ්‍රී ලංකා ක්‍රිකට් මැදිහත් විම පෙන්වා දුන් භාණ්ඩාගාරික සුජිව ගොඩලියැද්ද පැවසුවේ,ආගමික සහ ජාතිකත්වය මත ඉතිහාසයේ ක්‍රීඩා සමාජ ඇතිවීම සහ ඒ සියල්ල පොදු ක්‍රිකට්මය වූ අදහසකින් එකතු වී මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට සහ ගුණාත්මක වර්ධනයට දායක වි ඇති බවය.වර්ථමානය වන විට එම ඉතිහාසය විසින් ඒ සාමූහික අදහස ඇතුව ගොඩ නැඟුව ක්‍රිකට් පරිපාලනය දැවන්තයෙකු සේ වැඩී ඇති බවත්,අද ඒ ඉතිහාසයට පීතෘත්තවයට ගරු කරන පුත්‍රයෙකු සේ වත්මන් පරිපාලනය ගරු කිරීමක් හැටියට ක්‍රීඩා සමාජවල උන්නතිය වෙනුවෙන් කැපවීමට ගෙන ඇති තීරණය හැඳින්විය හැකි බවත් ඔහු තව දුරටත් පැහැදිළි කළේය.

එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් අදහස් දැක් වූ සමන්ත දොඩම්වෙල පෙන්වා දුන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්වල සහයෝගය ඇතුව එස්එස්සී පිටිය පරිපාලනයේදී ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් වගකීම දරන බවය.නව ක්‍රිකට් සංස්කෘතියක ආරම්භය හැටියට එස්එස්සී පිටියේ ඉඳිරි ගමන් මඟ තහවුරු වෙමින් ඇති බවට මාධ්‍යවේදීන්ගෙන් එල්ල වුණු ප්‍රශ්නවලට පිළිතුරු දුන් සමන්ත,මේ වන විටත් රාජකීය – ශාන්ත තෝමස් මෙන්ම ආනන්ද – නාලන්ද පාසල් මහා තරග දිවා රාත්‍රී තරග ලෙස එස්එස්සී පිටියේ පැවත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව පෙන්වා දුන්නේය.
එස්එස්සී ක්‍රීඩා සමාජය මේ අවස්ථාව ආඩම්බරයෙන් භාර ගැනීමට සූදානම් බවත්,ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශාල වාර්තා ගණනකට දායක වීමට එස්එස්සී පිටියට හැකි වී ඇති බවත් දොඩම්වෙල පෙන්වා දුන්නේය.මහේල සහ සංගක්කාර විසින් තිබා ඇති ලෝකයේ ඉළම ටෙස්ට් කඩුලු සබඳතාවය,ක්‍රීඩකයෙකු එක පිටියකදී ලබා ගත් වැඩිම ශතක ගණන ලබමින් ඩොන්ල්ඩ් බ්‍රැඩ්මන් ඉක්මවා ගිය මහේල ජයවර්ධනගේ ශතක 11,මුරලිදරන්ගේ කඩුලු ප්‍රමාණයෙන් වැඩිම කඩුලු ගණනක් ලබා දුන් පිටිය ආදී ලෙස එස්එස්සී ය සතුව ඇති ඉතිහාසය ද මෙහිදී දොඩම්වෙල එස්එස්සී මය ආඩම්බරයකින් සිහිපත් කර දුන්නේය.

ක්‍රීඩා පිටියේ ආලෝකය සම්බන්ධයෙන් පරිපාලන සහ නඩත්තු කටයුතුත් ගෙවීම්ට අවශ්‍යය මිල ගණන් සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වනු ඇති බවත්,ක්‍රීඩා පිටියේ කළමණාකරණය එස්එස්සී ක්‍රීඩා සමාජය විසින් පවත්වාගෙන යනු ඇති බවත් සමන්ත දොඩන්වෙල අවධාරණය කළේය.
ක්‍රීඩා පිටිය නිරීක්ෂණයේ දී නව ආලෝකකරණ පද්ධතිය අති නවීන LED තාක්ෂණය මත පදනම්ව සංවර්ධනය කරන ලද අතර ජාත්‍යන්තර ක්‍රීඩා සහ විකාශන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති බව අනාවරණය විය.
මෙම පද්ධතිය 5700 K සහසම්බන්ධිත වර්ණ උෂ්ණත්වයක් සහ 90 ක වර්ණ විදැහුම්කරණ දර්ශකයක් (CRI) සහිත ඉහළ කාර්යසාධනයක් සහිත LED ලුමිනියර් භාවිතා කරන අතර, ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා විශිෂ්ට දෘශ්‍ය පැහැදිලි බවක් සහතික කරයි.
ස්ථාපනය මුළු ක්‍රීඩා ප්‍රදේශය පුරා ඒකාකාර ආලෝකකරණ මට්ටම් ලබා ගැනීම සඳහා උස් මාස්ට් කුළුණු හයක උපායමාර්ගිකව සවිකර ඇති LED ගංවතුර ආලෝක සවිකිරීම් 630 කින් සමන්විත වන අතර දීප්තිය සහ සෙවනැලි අවම කරයි.
නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කරන සහ දෘශ්‍යමය වශයෙන් ආකර්ශනීය සිදුවීම් නිර්මාණය කරන ගතික ආලෝකකරණ දර්ශන වැනි බහු මෙහෙයුම් මාතයන් සක්‍රීය කරන නවීන ආලෝකකරණ පාලන පද්ධතියක් ස්ථාපිත කර ඇත.
එසේම මෙම සංවර්ධන කටයුතුවලට අදාළව පහත සඳහන් සංවර්ධනයන් ද ස්ථාපිත වෙමින් ඇත.
1) එහි ගෝලීය ක්‍රිකට් ප්‍රමිතීන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රීඩකයින්ගේ නේපත්‍යාගාර වැඩිදියුණු කිරීම
2) තරඟ තීරක, තෙවන විනිසුරු සහ දූෂණ විරෝධී
නිලධාරීන් සඳහා නව කාර්යාල ඉදිකිරීම.
3) විකාශන පාලන කාමර සහ විවරණ කාමර වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම
4) ප්‍රභූ නරඹන්නන් වෙනුවෙන් විශේෂිත කුටි ඉදිකිරීම


