GMOA හෙට (07) රැස්වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW :

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. 

ඒ, සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට බව වාර්තා වේ.

අදාළ ගැටලු විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් පොරොන්දු කඩ කරමින් සිටින බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළ අතර,ඉදිරියේදී වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට දිනයේදී රැස්වන විශේෂ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...