මරුවා සමඟ ආ මත්වතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW :

නීති විරෝධී මත්පැන් පානය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, ඔවුන්ගෙන් දෙදෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

අනෙක් තිදෙනාගේ මළ සිරුරු වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයෙන් හමුව තිබෙන බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වැඩිදුර තොරතුරු වාර්තා වේ.