තරුණයින් අත්අඩංගුවට ගැනීම වෙනුවට ආර්ථිකය කඩා වැටීමට හේතු හොයන්න – රාසමානික්කම්

Date:

ආර්ථිකය දරණු තත්ත්වයකට ඇද වැටීමට හේතු සෙවීම වෙනුවට හදිසි නීතිය යටතේ සාමාන්‍ය මහජනතාව අත්අඩංගුවට ගැනිමින සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් මහතා පවසයි.

මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම හෙලාදකින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොමැති අතර මුදල් ඇමතිවරුන් ලෙස කටයුතු කළ මහින්දරාජපක්ෂ, බැසිල් රාජපක්ෂ,සහ අලි සබ්‍රි යන අය සිය වගකීම් නිසියාකාරව ඉටු නොකිරීම නිසා මේ වන විට බඩු මිල ඉහළ ගොස් තිබෙන බව හෙතෙම සඳහන් කරයි.

”අද හදිසි නීතිය පාවිච්චි කරලා සාමාන්‍ය මහජනතාව අත්අඩංගුවට ගන්නවා. අපි මේක තරයේ හෙළා දකිනවා. රටේ ආර්ථිදෙමළ ජාතික සන්ධානය ක ප්‍රශ්න මෙච්චර දරුණු වෙන්න හේතුව මොකක්ද? විශේෂයෙන්ම මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පිළිබඳව පරීක්ෂණයක් නැහැ. මහින්ද රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ,අලි සබ්‍රි යන අය මුදල් අමාත්‍යවරු ලෙස කටයුතු කළා. ඔවුන් තමන්ගේ වගකීම් නිසියාකාරයෙන් ඉටු නොකිරීම නිසා තමයි බඩු මිල මෙච්චර දුරට වැඩි වෙලා තියෙන්නේ. ලෝක වෙළෙඳපොලේ බඩුමිල වැඩි වීම නිසා මේ තත්ත්වය ඇති වුණා කියනවා නම් ඒක බොරුවක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ හදිසි නීතිය පාවිච්චි කරමින් ගෝඨා ගෝ හෝම් අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා මිසක් ආර්ථිකය මෙච්චර දරුණු වීමට හේතු හොයන්නේ නැත්තේ ඇයි?කොල්ලකාපු වත්කම් නැවත ලබාදෙන්න කියල සටන් කරපු තරුණයින් තමයි අද අත්අඩංගුවට ගනිමින් ඉන්නේ.”

මඩකලපුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...

රනිල් ගැන ජාත්‍යන්තර ස්ථාවරය මෙන්න!

කොළඹ LNW: කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක්...

බදු සහන අපේක්ෂාවෙන් විපක්ෂ නායක හා ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලයක් අතර හමුවක්!

කොළඹ LNW:තවදුරටත් බදු සහන ලබා ගැනීමේ අරමුණින් විපක්ෂ නායක...

ඇමරිකාවෙන් ඉන්දියාවට පැනවූ බදු ප්‍රහාරයේ අහිතකර පැතිකඩ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: රුසියාවෙන් තෙල්...