ටැක්සි ඩ්‍රයිවර් සිට නයිට් රයිඩර් දක්වා..

මොකද කියන්නෙ , අපි නයිට් රයිඩර් බලමුද? නැත්නම් knight Rider බලමුද? ඇමරිකන් ටීවී සීරීස් එකක් වෙච්ච knight Rider ආතල් එක අපි අරන් තියෙනවා. අසූව අනූව දශකවල ඉපදිච්ච උන්ට ඒක බොක්කටම වැදුන වැඩක්. හැබැයි ‘නයිට් රයිඩර්’ කිව්වෙ ඒකෙ සිංහල වර්ශන් එක කියල හිතෙනවා නං කියන්න සංතෝසයි ගයිස්, ඒක ටෝටලි ව්‍රෝන්ග් අයිඩියා එකක්.

‘නයිට් රයිඩර්’ මූවි එකක්. ඊයෙ පෙරෙදා රිලීස් වෙච්ච සිංහල මූවි එකක්. තෙල් පෝලිං එන්න කලින් ලංකාවෙ තිබුණ පෝලිමක් තමයි චිත්‍රපටි පෝලිම. ඉතිං කොච්චර ඉක්මනින් මූවි එකක් කරත් අන්තිමට ඒක පෙන්න ගන්නනං පෝලිමේ හිට ගන්නම වෙනවා. අන්න එහෙම පෝලිමේ තැපලා තැපලා තමයි 2022 ජූලි මාසෙ තමන්ගෙ මූවි එක මාස් ඕඩියන්ස් එකට ගේන්න ඩිරෙක්ටර් බ්‍රෝට පුළුවන් වෙලා තියෙන්නෙ. මේ වෙද්දිත් ඒ අන්ලිමිටඩ් හැපිනස් එක විඳින ගමන් තමා එයා ඇත්තෙ. 

‘බැරියර් කුඩු කරන් – රියැලිටිය දකින්න’ වරෙල්ලා කියල තමයි මූවි එක රිලීස් වෙන්නෙ. කතාව සීන් බයි සීන් කියල උඹලව ස්පොයිල් කරන්න නෙවෙයි මේක ලියන්නෙ. සිම්ප්ලි කිව්වොත් යුරේනියි කලණයි තකට තක රඟපානවා. උන් දෙන්නගෙ එනර්ජි එක  මූවි එකේ සෙන්සේශනල් ගතිය වැඩි කරනවා. කලණ  ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. ටැක්සිය අයිනක නතර කරලා පොඩි රෙස්ට් එකක් ගන්න හදද්දි යුරේනි කලබලෙන් ඇවිල්ලා ටැක්සියට නගිනවා. කෙල්ලගෙ පස්සෙන් මැර කල්ලියක් පන්නනවා. කොහෙවත් නැති හෙණයක් කලණගෙ ඔලුවට පාත් වෙන්නෙ ඒ විදියට.  කෙල්ලව  මැරයන්ගෙන් බේර ගැනීම කලණගෙ ප්‍රථම රාජකාරිය බවට පත්වෙන තැනට වැඩේ හැදෙනවා.  එක රැයක් ඇතුළෙ සීන් බස බස ගාලා ගලාගෙන යනවා. මම දැන් ස්ටෝරිය කියන් යන එකට ෆුල්ස්ටොප් තියෙනවා. මූවි එකේ කට්ස් ස්කිප් කරලා මේක විතරක් කියනවා. මෙච්චර වෙලා සිද්ධ වෙච්ච හැමදේම රියැලිටි ෂෝ එකක්! ඒ රියැලිටිය ආතල්ද නැද්ද කියල ගිහිල්ලා බලන්නම වෙනවා.

රියැලිටි කියල අපිට පෙන්නන ෂෝ එකකින් මනුස්සයෙක්ගෙ ආත්මයක් කොයිතරම් කීතු කීතු වෙලා යන්න පුළුවන් ? ඉන්ස්ටන්ට් මෝෂන් එකකින් හියුමන් ලයිෆ් එකක් කොච්චර හෙල්ලිලා යන්න පුළුවන්ද? තවත් අතකින් , මේක පොඩි ෆිලෝසොෆි ලයින් එකකිනුත් කියව ගන්න පුළුවන් කියලා baltimoraට හිතෙනවා. රැන්ඩම් රැන්ඩම් කිව්වට මේ ලෝකෙම එක්තරා විදියක සෙට් අප් එකක්ද කියලත් හිතෙනවා. රියැලිටිය අල්ලගන්න පුළුවන් වෙන්නෙ කොහෙන්ද? වට් ඉස් රියැලිටි ? කියන තැනින් ස්ටක් වෙන්නත් පොසිබිලිටි එකක් තියෙනවා. 

බලලා තියාගත්තට නෝ ප්‍රොබ්ලම් මූවි එකක්. ඩිරෙක්ටර් ඩෙබියුටාන්ට් කසුන් පතිරණ , දිස් ඉස් ඕව්සම් ජොබ්!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...