පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න කචල් දාගෙන හිටපු ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා ආපහු රනිල්ගෙ පැත්තට පනින්න ලෑස්ති වුණා ලු.
හර්ෂ මේ ගැන කියලා රනිල්ගෙ සමීප හිතවතෙක් හරහා පණිවිඩයක් යැව්වා ලු රනිල්ට.
පණිවිඩය ගෙනාපු කෙනාට රනිල් දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක් ලු.
“මම කලින්ම හර්ෂට එන්න කියලා කතා කළානෙ, එතකොට එයා ආවෙ නැහැ. දැන් ඉතින් වැඩක් නැහැ. දැන් සජිත් ඉස්සර වුණා. දැන් සජිත් තමයි ජයග්‍රාහකයා. අපි ජයග්‍රාහකයාට ඉඩ දෙන්න ඕනෙ නෙ. ඒ නිසා දැන් හර්ෂ එන්න අහන එකෙන් තේරුමක් නැහැ”


