‘මහ ගෙදර’ වාසය

Date:

මහ ගෙදර
කුඩාවට වසමි මම
මට වඩා විසල්ව
ඔබ ඒ අසල

අරින විට ඔබ
ඉබි යතුරින්
මහ ගෙදර
අසයි මගෙන්

” ඔයා ගිල්ලද ඉබ්බෙක්”
“ඔයාව ගිල්ලද ඉබ්බෙක්”

හිතවතිය,

ඔබ මම මෙහෙම
එක ළග
වැඩෙන
විට
කුඩාවට හා විසල්ව

කටුවක් තුළ මා ගිලෙන එක
මාව කටුවක් ගිලගන්න එක

නොබිඳී ඉන්න
නොකැඩී ඉන්න
නොලිහී ඉන්න
මා දන්න හොඳ ම පිළිවෙත

~ නජිලා අධිකාරි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...