බැඩ්මින්ටන් අර්ධ අවසන් පූර්ව වටයට

Date:

ශ්‍රී ලංක බැඩ්මින්ටන් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.ඒ තමන් නියෝජනය කළ කාණ්ඩයේ දෙවන තැනට පත්වෙමින්.එහිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වට 3-2 ක ජයක් ද,පකිස්තානයට එරෙහිව වට 4-1 ක ජයක් ද ලබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ පරාජයට පත් වුණේ 5-0 ක් ලෙස යි.
අද ශ්‍රී ලංකාවට සිඳුවන්නේ අර්ධ අවසන් වටයේදී මැලේසියාව හා තරග වදින්නයි.මේ තරගාවලියට සහභාගි වන ප්‍රබලම බැඩිමින්ටන් කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ මැලේසියාව යන කණ්ඩායම් දෙකටම ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිඳුවෙනවා.එය පදක්කම් සිහිනය ඈත් කරන්නට තරම් ප්‍රබල හේතුවක් වුවත්,ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන්ගේ අනාගතයට හොඳ ආයෝජනයක් වෙනු ඇති.කෙසේ වුවත් මැලේසියාවට හොඳ තරගයක් දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවෙනු ඇතැයි අපේ අපේක්ෂාව වන අතර මැලේසියාව අර්ධ අවසන් වටයේදි හමු නොවී වෙනත් කණ්ඩායමක් හමු වී නම් ශ්‍රී ලංකාවට බැඩ්මින්ටන් කණ්ඩායම් තරග අංශයේ පදක්කම් අවස්ථාවක් හිමි කර ගන්නට හැකි ඉඩක් තිබුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...