පදක්කම් පැස බර කිරීම බරෙන් ඇරඹේ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා දුන් ක්‍රීඩාව වන බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව මෙවරද පදක්කම් සටහනේ ක්‍රියාකාරීත්වය ආරම්භ කළා.අද දිනයේ පැවති කිලෝ ග්‍රෑම් 55 බර පංතියෙන තරග වැදුණු ඩිලංක ඉසුරු කුමාර එහි ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීම ආරම්භ කළා.එහිදී ඩිලංක ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105 ක් සහ ක්ලින් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120 ක බර ඔසවමින් මුළු බර කිලෝ 225 ක් ඔසවන්නට සමත් වුණා.

මොහොමඩ් අනීක් මැලේසියාව වෙනුවෙන් රන් පදක්කම දිනා ගැනීම සඳහා මෙහිදි ඔසවන ලද බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 249 ක්.එහිදි අනීක් විසින් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 107 ක් ද,ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 142 ද ඔසවනු ලැබුවා.රිදි පදක්කම දිනා ගත්තේ ඉන්දියාවේ මහාදේව් සර්ගාර්.ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 113 ක් එසැවූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඔසවනු ලැබුවේ තිලෝ ග්‍රෑම් 135 ක් පමණයි.මෙහිදී අනීක් ඔසවන ලද කිලෝ ග්‍රෑම් 249 ක්‍රීඩා උළෙල වාර්තාවක් ලෙස සටහන් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...