විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍ය වෘත්තිකයන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව අත්හිටුවයි!

Date:

විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍ය වෘත්තිකයන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය (PGIM) වෙත මේ බව ලිඛිතව දැනුම් දී ඇති අතර, ඊට හේතුව වන්නේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඔවුන්ගේ වියදම් සඳහා අවශ්‍ය විදේශ මුදල් වෙන්කිරීමට නොහැකි වීමයි.

රටතුළ මතුව ඇති ආර්ථික අර්බුදය සමඟ විදෙස් රටවල අනිවාර්ය පුහුණුව සඳහා යවා ඇති වෛද්‍ය නිලධාරීන්ගේ වියදම් ආවරණය කිරීම ද සෞඛ්‍ය අමාත්‍යංශයට බරපතල ගැටළුවක් බවට පත්ව තිබේ.

ඒ අනුව, සියළු විදෙස් පුහුණු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා අතර, විදෙස් පුහුණු සඳහා ඉදිරි නිර්දේශයන් ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවා දමන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිරිනමන මාසික ජීවන දීමනාව මත සම්පූර්ණයෙන්ම යැපීමට සැලසුම් කරන අය වෙත මෙම නිර්දේශ නිකුත් කිරීම අත්හිටුවන ලෙස එම ඉල්ලීමේ සඳහන්.

කෙසේවෙතත්, මෙම පියවර දැනටමත් විදේශ පුහුණුව සඳහා යාමට සැලසුම් කර ඇති (ගුවන් ටිකට්පත් වෙන්කර ඇති හෝ වීසා බලපත්‍ර ලබාගෙන ඇති) අයට බලපාන්නේ නැති අතර, පුහුණු කාලය තුළ වියදම් සඳහා තම මුදල් යෙදවීමට ඔවුන්ගෙන් අපේක්ෂා කරනු ලබයි. ඔවුන් පසුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපූරණය වීමට යටත් වනු ඇත.

මෙම විදේශ පුහුණුව වැටුප් සහිත රැකියා ලෙස සකසා ඇති වෛද්‍ය නිලධාරීන්ට කිසිඳු සීමාවක් පැනවෙන්නේ නැති අතර, වැටුප් සහිත රැකියා සමඟ අරමුදල් සම්පාදනය කිරීමේදී වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය ඔවුනට සහාය ලබා දීම අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සිය ලිපිය හරහා වැඩිදුරටත් දැනුම් දී ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...