වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW :

ජනතාව රජයට ගෙවන බදු මුදල් නිවැරදි ලෙස රටේ සංවර්ධනයට හා ජනතා සේවයට යොදවන බවටත්, දූෂණ, වංචා සිදුනොකරන බවටත් මෙරට ජනතාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි විශ්වාසයක් ගොඩනැගී ඇති බව වාර්තා වේ.


දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී , ජන ජීවිතය යථාවත් කිරීමේදී මෙන්ම රට යළි ගොඩනැගීමේදී Rebuilding Sri Lanka අරමුදලට මෙන්ම වෙනත් විවිධාකාරයෙන් ලැබෙන ආධාර ද සම්පූර්ණයෙන්ම නාස්තියකින් දූෂණය කින් තොරව භාවිතා කරන බවටද එවැනි විශ්වාසයක් ගොඩනැගී ඇති අතර, මේ තත්වය තුළ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නිතර ආධාර ලැබෙමින් පවතින බවද වාර්තාවේ.


ඒ අතර විශේෂ සිදුවීම් දෙකක්ද වාර්තා විය. එක්තරා තරුණ පිරිසක් තමන්ගේ සංගීත කණ්ඩායමක් ගොඩනගාගෙන එය එළිදැක්වීමෙන් ලද සමස්ත ආදායම Rebuilding Sri Lanka අරමුදල් සඳහා යොදවන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට බාරදී ඇත.


මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් රට විපතට පත් අවස්ථාවේ කිලිනොච්චියේ චුන්ඩිකුලම් කලපුවේ මෝය කට පුළුල් කිරීමේදී අනතුරට ලක්ව මිය ගිය නාවුක හමුදා නිලධාරින් 05 දෙනාගේ පවුල්වලට පවුලකට පවුම් දහස බැගින් ලබාදෙන්නැයි ඉල්ලමින් යාපනයේ පදිංචිකාරියකව සිටි කාන්තාවක් පවුම් 5000 ක් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට භාරදී තිබේ.


මේ ආකාරයට පවුම් 22 සිට විවිධ ප්‍රමාණයෙන් ආධාර ලැබෙමින් පවතින බවද ඒ ආධාර ලබා දෙන සියලු දෙනා එසේ කරන්නේ වර්තමාන පාලනය පිළිබඳව දැඩි විශ්වාසයකින් බව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...