දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW:

මීටර් 200 ධාවන පථයක සහ මීටර් 400 ධාවන පථයක ඇති වෙනස ජවන ඉසව්වක හොඳම කාලය පෙන්වන්නේ දෙවිදිහකටය.මීටර් 200 ධාවන පථයකදී, මීටර් 400 ධාවන පථයකදී වක්‍රයන් දෙකක් දුවන්නාට,වක්‍රයන් හතරක් දුවන්නට සිඳුවීම ප්‍රධාන වශයෙන් ඊට බලපාන්නේය.එහිදී සරලව සිරුරේ නමනීයත්වය සහ වේගය අතර සම්බන්ධය කළමණාකරනය කර ගැනීමේ හැකියාව ද තදින් බලපෑම ප්‍රධාන වශයෙන් හේතු වන්නේය.


ඒ නිසා ක්‍රීඩාව ගැන මේ වෙනස දැන ගන්නට අවශ්‍යය අයෙකුට මේ තත්ත්වයන්ගේ වෙනස හඳුනා ගැනීමට මීටර් 400 ධාවන පථයට අදාළ වාර්තා සහ මීටර් 200 ධාවන පථයක ඇති වාර්තා නිරීක්ෂණය කිරීමෙන් හඳුනා ගන්නට හැකිය.මීටර් 200 ධාවන පථ ලෝක මට්ටමේදී යොදා ගන්නේ බොහෝ විට ගෘහස්ථ ක්‍රීඩා තරගවලදී වන අතර මේ ධාවන පථවල වෙනස අනුව තරග බෙදීම දුර ධාවන පථ තරග සහ කෙටි ධාවන තරග ධාවන පථ තරග ලෙස වෙනස් කර දක්වා ඇත.


ලංකාවේ ජාත්‍යන්තර මට්ටමෙන් යම් තරමකට හෝ සෑහෙන්නට හැකි මීටර් 400 ධාවන පථ දෙකක් ඇතත්,තවමත් ජාත්‍යන්තර මට්ටමේ මීටර් 200 ධාවන පථවල තරග පවත්වන ගාහස්ත ආකෘතියේ ධාවන පථයක් නැත.එවැනි තරගවලට ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිරිපත් කිරීමට අවශ්‍යය තේරිම් තරග බොහෝ විට පවත්වන්නේ මීටර් 200 සුගතදාස ක්‍රිඩාංගණයේ පෙර පුහුණුවීම් සඳහා සකසා ඇති ධාවන පථයේය.


මේ සියල්ල ලිහා දැමීමට සිඳුවන්නේ 12 ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ තේරිම් තරගවලදී මීටර් 800 පිරිමි ඉසව්ව සඳහා එහි ප්‍රථම ස්ථානය දිනූ ක්‍රීඩකයා නොසළකා හැරීම නුසුදුසු බව කියන්නටයි.එහිදී මෑත කාලීනව ශ්‍රී ලංකාව මීටර් 800 ඉසව්වේ දී දකුණු ආසියානු මලල ක්‍රීඩා රන් පදක්කම දිනා ගත්තේය.මිටර් 400 ක ධාවන පථයක දිනපු එම රන් පදක්කමටත් වඩා හොඳ කාලයක් ශ්‍රී ලංකාවේ එම ඉසව්වේ තේරිමේ කාලය ලෙස දක්වා තිබිණ.
එම දකුණු ආසියාතික රන් පදක්කම මීටර් 400 ධාවන පථයක ධාවනය කර හර්ෂ කරුණාරත්න දිනා ගත්තේ විනාඩි 1:51.96 ක කාලයක් වාර්තා කරමින්ය.එසේ තිබියදී මෙම මීටර් 200 ධාවන තරගයේ සුදුසුකම් ලැබීමේ කාලය ලෙස විනාඩි 1;50.08 ක කාලයක් සුදුසුකම් ලැබීමේ කාලය ලෙස දක්වා ඇත්තේ එම ඉසව්වට ක්‍රීඩකයෙකු සහභාගි කරවීමේ අදහස ඉවත් කර ගෙන බව පැහැදිළිය.
ආසියානු මට්ටමේ 2025 වසරේ ආසියාවේ හොඳම කාලයන් පහත දක්වා ඇත.


1:46.80 – ඊබ්‍රාහිම් අල්-සොෆයිරි (කුවේට්)
1:47.04 – සෝබාන් අහමඩි (ඉරානය)
1:47.74 – අබුබකර් හේඩාර් අබ්දල්ලා (කටාර්)
1:48.85 – යුකිචි ඉෂි (ජපානය)
1:49.16 – අබ්දිරහ්මාන් සයීඩ් හසන් (කටාර්)
1:49.59 – ෂී ෂියාඕහෙන්ග් (චීනය)
මීට අදාළව අප විසින් අවධානය යොමු කරන එස්.එච්.එස්.දිල්රංග මෙම ඉසව්වේදී වාර්තා කර තිබෙන කාලය විනාඩි 1:52.49 සෑහීමකට පත්වීමට නුසුදුසු තත්ත්වයක තිබෙන කියන්නට හැකිය.එහෙත් දිල්රංග ධාවනය කරන්නේ මෙවැනි කාලයන් වාර්තා වන තරගකාරී පසුබිමක නොවේය.
Asian Indoor and Martial Arts Games 2017 වසරේදී ටර්කිමෙනිස්තානයේ අශ්ගාබාද් හී පැවති අවස්ථාවේ දී ඉඳුනිල් හේරත් වාර්තා කර තිබෙන විනාඩි 1:49.45 වාර්තා වී ඇත්තේ ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉසව්වකට වඩා තරගකාරිව වේගය වැඩි ඉසව්වකදී ය.එවැනි තත්ත්වයකදී පිරිමි ගෘහස්ථ මීටර් 800 ධාවන ඉසව්වේ තත්ත්වයේ වර්ථමානයේ ශ්‍රී ලංකාවේ හොඳම කාලයට මේ අවස්ථාව දීම ජාතික වශයෙන් එම ඉසව්වේ ප්‍රගතියක් අපේක්ෂා කරන්නට හොඳ අවස්ථාවක් හැටියට ගත හැකිය.
මෙහි කාන්තා අංශයේ දක්ෂතා මීටත් වඩා ආසියානු මට්ටමෙන් පුළුල් ලෙස සළකා බැලීම වැදගත්ය.එහි සිව්වැන්නියව සිටින්නේ තරුශි කරුණාරත්න බැවිනි.ඒ නිසා ඔවුන්ගේ වයස සහ එම දක්ෂතාවය පෙන්වන ලද ස්ථානය මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනෙන් පිරිනමා ඇති ලකුණු ප්‍රමාණය ද ඊට ඇතුළත් කිරීහට අපි තීරණය කළෙමු.
1 2:05.04 හොංජියාඕ WU 25 ජූලි 2003 චීනය ෂැන්ඩොං ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය, ජිනන් (CHN) (i) 2025 මාර්තු 08 1104
2 2:06.48 නිධි සිං 1999 ජනවාරි 31 ඉන්දියාව බොස්ටන් විශ්ව විද්‍යාලය. ධාවන පථ සහ ටෙනිස් මධ්‍යස්ථානය, බොස්ටන්, එම්ඒ (ඇමරිකා එක්සත් ජනපදය) (i) 2025 මාර්තු 02 1081
3 2:06.82 Chunyu WANG 17 ජනවාරි 1995 චීනය ෂැන්ඩොං ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය, ජිනන් (CHN) (i) 18 පෙබරවාරි 2025 1076
4 2:06.99 තරුෂි කරුණාරත්න 2004 නොවැම්බර් 18 ශ්‍රී ලංකාව ක්‍රොස්ප්ලෙක්ස් මලල ක්‍රීඩා පහසුකම් මධ්‍යස්ථානය, බර්මින්හැම්, අල් (ඇමරිකා එක්සත් ජනපදය) (i) 2025 මාර්තු 01 1073
5 2:07.28 චුන්ලින්ග් වූ 03 JUL 2001 චීනය Shandong Sports Training Center, Jinan (CHN) (i) 18 පෙබරවාරි 2025 1069
මේ කාන්තා තරග සටහන ගැන තව දුරටත් විමසා බලන්නට පහත සබැඳිය භාවිතා කරන්නට හැකිය.
https://bit.ly/4jHZF2A
කාන්තා මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාව එම ඉසව්වට දුන් පරිසාධන මට්ටම සමඟ සුදුසුකම් ලබා ඇත.ඇය වාර්තා කර ඇති කාලය සඳහා හිමි වන්නේ ලකුණු 1000 ට අඩු 991 කි.කාලය 2:12.43 කි.
තාර්කිකව ගත් විට මේ දිල්රංග වාර්තා කර තිබෙන ලකුණු ප්‍රමාණය වන්නේ 1011 කි.


සේ දෙදෙනාම මේ කාලයන් සමඟ යොමු කිරිමට ඇති ප්‍රධානම සුදුසුකම වන්නේ රටකට මෙම තරගාවලියේ ඉසව්වක් සඳහා ඉදිරිපත් කරන්නට ලැබෙන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වන බැවින් මොවුන් දෙදෙනාටම අවසන් පූර්ව වටයට ඒසට හෝ අවස්ථාවක් තිබීමය.වාර්තා කර ඇති කාලයන් සළකා බලද්දී මොවුන් දෙදෙනාට උඩින් තරගාවලියට සහභාගි විය හැක්කේ කිහිප දෙනෙකුට පමණි.


පිරිමි අංශයේදි පිරිමි මිටර් 800 තරගයට පැමිණෙන ක්‍රීඩකයින් චීනය,ජපානය,ඉන්දියාව,කුවේට් සහ බහරේන් වැනි රටවලින් දකින්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයාට එහි අවස්ථාවක් ඇත.ක්‍රීඩිකාවගේ තත්ත්වයද එබඳුමය.ඒ නිසා මේ දෙදෙනාම තරගාවලියට සහභාගි කරවීම ජයග්‍රහණයට වඩා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට වැදගත්ය.


තවත් මෙවැනි කාලයන් වාර්තා කර ඇති විශාල පිරිස රටවල් කිහිපයකට පමණක් අයත් බව නොසළකා ද,සැළකිල්ල යොමු කර මෙම ඉසව්වේ නියෝජනය වැළක්වීමට ද අවශ්‍යය තේරාගැනීම් නිර්නායකයන් සකසා ගෙන ඇද්ද යන්න විමසා බැලිය යුතු කාර්යයකි.එම තෝරාගැනිම් පටිපාටියේ පැහැදිළිව අදාළ රට විසින් තමන්ගේ අනන්‍යතාවයට ගැලපෙන පරිදි සිය තෝරා ගැනීම් පටිපාටිය සකසා ගත යුතුය යන්න දැණුම් දී තිබේ.
මලල ක්‍රීඩා පරිපාලනයක් නැති තැන ක්‍රීඩා අමාත්‍යංශය මේ සඳහා උදව් ලබා ගත් අය කුමන ආකාරයෙන් කටයුතු කර ඇද්ද යන්න දැන්වත් සැළකිල්ලට ගැනිමට 2025 නිමාවන විට දිල්රංග වාර්තා කර ඇති කාලය සමග ආසියාවේ හොඳම කාලයන් සහ එම කාලයන් වාර්තා කිරීම් කර ඇති රටවලින් කොපමණ පිරිසක් සිටිනවාද යන්නත්,එයින් සහභාගි වීමට ලැබෙන්නේ දෙදෙනෙකුට පමණක් බවත් අවබෝධයෙන් කරුණු නිරීක්ෂණයට ආසියානු පිරිමි දක්ෂතා ලේඛණය ද පහතින් දක්වමි.
https://bit.ly/4qRQChT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...