9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW:

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ජනවාරි 9 වන දා පැවත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි20 තරගය අත්හැර දැමීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, දෙවන විස්සයි 20 තරගය සඳහා ටිකට්පත් මිලදී ගත් මහජනතාවට ඉරිදා පැවැත්වෙන තුන්වන විස්සයි20 තරගය සඳහා නොමිලේ ටිකට්පතක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙවන තරගය නැරඹීම සඳහා ටිකට් පත් රැඟෙන නැරඹීමට නොහැකි වූ අයට,සෙනසුරාදා නොහැකි වූයෙනම්,තරගය පැවත්වෙන ජනවාර් 11 වන දින උදෑසන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ (RDICS) පිහිටුවා ඇති ටිකට්පත් කවුන්ටරයෙන් නොමිලේ ටිකට්පත ලබා ගැනීමට කටයුතු සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා.

ටිකට්පත් කවුන්ටර පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතින අතර තුන්වන විස්සයි20 තරගය හෙට (ජනවාරි 11) ප.ව. 7.00 ට දඹුල්ල RDICS හිදී ආරම්භ විමට නියමිතව පවතිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...