ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

Date:


“දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ මෙම ස්වාභාවික ව්‍යසනයෙන් විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා මෙම ප්‍රදේශ පුනරුත්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය ‘Rebuilding Sri Lanka’ පිහිටුවන ලදී.

මෙම ජාතික කර්තව්‍යට සහාය දැක්වීම සඳහා වේළුපිල්ලේ සිවසුන්දරම් මහතා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කර ඇත. එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන වෙස්ටර්න් ජුවලර්ස් සමාගමේ නිර්මාතෘවරයා වන ඔහු, ශ්‍රී ලංකාවේ යාපනයේ අවරන්ගල් සිවශක්ති විවාහ මංගල්‍ය ශාලාවේ නිර්මාතෘවරයා ද වේ.

සිවසුන්දරම් මහතා සිය පරිත්‍යාගය අද (10) දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත භාර දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...