චීන පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීම අද

Date:

ප්‍රශ්නගත චීන කාබනික පොහොර නෞකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් අද දිනයේ (07) ගෙවීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබුණු වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අදාළ චීන සමාගමට එම මුදල ගෙවන බවයි මහජන බැංකුව පවසන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය අදාළ චීන කාබනික පොහොර සමාගම සමග ඇති කරගත් එකඟතාවකට අනුව මෙම මුදල ගෙවා දමන අතර ප්‍රමිතියෙන් යුතු පොහොර සැපයීමට එම සමාගම එකඟවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබිණි.

මෙම පොහොර නෞකාවට ගෙවීම් කිරීම අත්හිටුවා තිබුණේ එහි අහිතකර බැක්ටීරියා අඩංගු බව මෙරට ශාඛ නිරෝධායන සේවය මගින් කළ සාම්පල් පරීක්ෂාවකදී අනාවරණය වීම නිසාය. කෙසේවෙතත් පසුකාලීනව විදේශීය රසායනාගාරයක සිදුකළ පරීක්ෂණයකින් ප්‍රකාශ වී තිබුණේ එහි අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...