අවශ්‍ය ඩීසල් ප්‍රමාණය දෙනවා නම් හෙට ඉදන් සියලුම බස් දුවවනවා – අංජන

Date:

කෙටි දුර බස් රථ නිසි ලෙස ධාවනය කිරීමට නම් සතියකට බස් රථයක් වෙනුවෙන් ඩීසල් ලීටර 300ක් වත් ලබා දිය යුතු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

වෙනදා වගේම අද දිනයේදීත් පෞද්ගලික බස් රථ ධාවනය 30%ක වැනි ප්‍රතිශතයකින් ධාවනය වන අතර මෙය 80% – 90% දක්වා පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම කෙටි දුර ධාවන බස් රථයකට අවශ්‍ය ඩීසල් ලීටර 60 රජය විසින් නිකුත් කිරීමට ඉඩ දිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

QR ක්‍රමවේදය යටතේ හෝ කුමන ක්‍රමවේදයක් යටතේ හෝ ප්‍රමාණවත් ලෙස ඩීසල් ලබාදෙන්නේ නම් හෙට දිනයේ සිට සියලු බස් රථ ධාවනය කිරීමේ හැකියාව ලැබෙන බව ඔහු කියා සිටියේය.

මේ අතර අන්තර් පළාත් බස් රථ ධාවනය වන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් වන අතර සතියකට එම බස් රථ ධාවනය සඳහා ඩීසල් ලීටර 150ක් පමණ අවශ්‍ය වන නමුත් ඔවුන්ට ඩීසල් ලීටර 50ක් 60ක්වත් ලබා නොදෙන බවයි ප්‍රියන්ජිත් මහතා පැවසුවේ.

පොදු ප්‍රවාහනයේ පවතින බාධා ඉවත්කරගෙන සියලු බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නම් ප්‍රවාහන අමාත්‍යවරයා බස්රථ හිමි සංගම් සමඟ සාකච්ජා ආරම්භ කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...