ඉන්දියාවේ පළමු වඳුරු උණ මරණය වාර්තා වේ.

0
403

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින පළමු වඳුරු උණ මරණය වාර්තා කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිශූර්හි පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ. ඔහු වඳුරු උණ ආසධිතයෙකු වශයෙන් පසුගිය සෙනසුරාදා රෝහල්ගතවූ අතර රෝග ලක්ෂණ දක්නට නොලැබී ඇත. මේ වන විට ඉන්දියාවේ වාර්තාගත වී ඇති වඳුරු උණ ආසාධිතයන් සංඛ්‍යාව හතර දෙනෙකි.

ලෝකය පුරා වඳුරු උණ මරණ සීමා සහිත ප්‍රමාණයක් වාර්තාව ඇති තත්වයක් තුළ ඉන්දීය සෞඛ්‍ය අංශ මෙන්ම ඉන්දීය රජයද මේ වඩාත් අවධානයෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_OBT