අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළ සහ වෛද්‍ය සහතික නිකුත් කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් අදාළ වෛද්‍යවරුන් පස්දෙනාගෙන්ම මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ජනාධිපති ධුරයෙහි සිටියදී 2023 වසරේදී නිරත වූ ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින් 2022 අගෝස්තු 22 වනදා රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගැනුණු අතර ඔහුව එදිනම රාත්‍රියේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහිදී ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුදින ඔහුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඇතුළත් කරන ලදී. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත නිදහස් වූයේ ඔහුගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වුණු කරුණු ද සලකා බැලීමෙන් අනතුරුව ය.


