ප්‍රදේශ රැසක ගංවතුර අවදානමක් : අවධානයෙන් සිටින්නැයි ජනතාවට දැනුම් දෙයි !

Date:

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, අදියර i යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, පාලින්දනුවර, වළල්ලාවිට, බුලත්සිංහල ප්‍රදේශත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට, අරණායක සහ දෙහිඕවිට යන ප්‍රදේශත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය යන ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවර එළිය යන ප්‍රදේශවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක යන ප්‍රදේශය සඳහාත් අවදානම් නිවේදන නිකුත් කෙරිණි.

එසේම අදියර ii යටතේ කුරුවිට, ඇහැළියගොඩ, කොලොන්න, අයගම, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කිරිඇල්ල, කහවත්ත, නිවිතිගල, රත්නපුර, කලවාන සහ පැල්මඬුල්ල යන ප්‍රදේශවලට ද අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම නිල්වලා ගංගා ද්‍රෝණිය, කැළණි ගඟේ කිතුල්ගල ප්‍රදේශය සහ කළු ගඟේ රත්නපුර ප්‍රදේශයේ ද ජල මට්ටම් ඉහළ යෑම් අඛණ්ඩවම සිදුවිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.

මීට අමතරව නාවලපිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

තව ද කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුත් විවෘත කර ඇති බැවින් අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...